5. 5. 4. 6.
[ප්රථම අවණ්ණාරහ සූත්රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරෑහි වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස (නොදැන) නුගුණ කියයුත්තාට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කිය යුත්තාහට නුගුණ කියයි. නො පිරික්සා නො පිවිස නො පැහැදියයුතු තැන්හි ප්රසාදය උපදවයි. නො පිරික්සා නො පිවිස පැහැදිය යුතු තැන්හි අප්රසාදය උපදවයි. සද්ධාදෙය්යය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිටුනේයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ (හිසින්) ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. විමසා පිවිස ගුණ කියයුත්තාහට ගුණ කියයි. විමසා පිවිස නො පැහැදියයුතු තැන්හි අප්රසාදය උපදවයි. විමසා පිවිස පැහැදියයුතු තැන්හි ප්රසාදය උපදවයි. සද්ධාදෙය්යය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ පස් දහමින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්ගයෙහි සිටුනේ වෙයි.
5. 5. 4. 7.
[ද්විතීය අවණ්ණාරහ සූත්රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස නුගුණ කියයුත්තාහට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කියයුත්තාහට නුගුණ කියයි. ආවාසමච්ඡරිය ඇත්තේ ආවාසගේධය (ගිජුබව) ඇත්තේ වෙයි. කුලමච්ඡරිය ඇත්තේ කුලගෙධය ඇත්තේ වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කරන්නේ වෙයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස (දැන) අගුණ කියයුත්තහුගේ අගුණ කිය යි, විමසා පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියයි, ආවාසමච්ඡරිය ආවාසගේධය ඇත්තේ නො වේ, කුලමච්ඡරිය කුලගෙධය ඇත්තේ නො වේ. ශ්රද්ධාදෙයය විනිපාතන නො කෙරේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 8.
[තෘතීය අවණ්ණාරහ සූත්රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
නො විමසා නො පිවිස අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, නො විමසා නො පිවිස ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ වේ ද, කුලමච්ඡරිය ඇත්තේ වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ වේ ද,
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
මහණෙනි, දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
විමසා පිවිස අගුණ කියයුත්තහුගේ අගුණ කියාද, විමසා, පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ නො වේ ද, කුලමච්ඡරිය ඇත්තේ නො වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ නො වේ ද,
මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්ගයෙහි සිටුනේ වේ යයි.
5. 5. 4. 9.
[ප්රථම මච්ඡරිය සූත්රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මෙ දහම් පසෙකින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි , ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි. ශ්රද්ධාදෙයය නසන්නේ වේ.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.