5. 4. 3. 9.
[ගිහි සූත්රය]
[සැවැත්නිදාන යි]
29. එ කල්හි අනේපිඬු ගැහැවි පන්සියක් පමණ උවසුවන් විසින් පිරිවරණ ලදුවැ භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක:
ශාරිපුත්රයෙනි, සුදුවත් හඳනා (පඤ්චශික්ෂාපදයෙහි) සංවෘතක්රියා ඇති යම් කිසි ගිහියකු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති විශුද්ධචිත්තය ඇසුරු කළ සතර ධර්මයන් කැමතිසේ ලබනුවහු නිදුකින් ලබනුවහු විපුල කොට ලබනුවහු දනිවූ ද? හෙතෙම කැමති වනුයේ “ක්ෂයකළ නිරය (නිරයගාමිකර්ම) ඇතියෙම් වෙමි. කෟෂය කළ තිරිසන් යොන් ඇතියෙම් වෙමි. ක්ෂය කළ ප්රේතවිෂය ඇතියෙම් වෙමි. ක්ෂීණ වූ අපාය දුර්ගති විනිපාත ඇතියෙම් වෙමි. අපායට නොවැටෙන සැහැවි ඇතියෙම් මාර්ගනියාමයෙන් නියතයෙම්, සම්බෝධිය (අර්හත්ත්වය) පරායණ කොට ඇතියෙම්, සෝවන් වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ ය.
කවර (පඤ්චශික්ෂාපදයෙක් හි) සංවෘත ක්රියා ඇතියේ වේ ය යත්:
ශාරීපුත්රයෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරික් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මදයට ප්රමාදයට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
මෙ පඤ්චශික්ෂාපදයෙහි සංවෘතකර්ම ඇතියේ වෙයි.
ආභිචේතසික වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති කවර දහම් කැමැති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වේ ය යත්:
ශාරීපුත්රයෙනි, මෙ සස්නෙහි ආර්ය්යශ්රාවක “මෙ මෙ කරුණිනුදු ඒ භාග්යවත්හු අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, විද්යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්යසාරථීයහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ” යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් විශුද්ධ නො වූ චිත්තයාගේ ශුද්ධිය සඳහා පර්ය්යවදාත නො වූ චිත්තයාගේ පර්ය්යාවදානය සඳහා මෙ ප්රථම උත්තමචිත්තය ඇසුරුකළ දෘෂ්ටධර්මසුඛවිහාරය අධිගත වෙයි.
තවද ශාරිපුත්රයෙනි, ආර්ය්යශ්රාවක “භාග්යවතුන් වහන්සේ විසින් සපර්ය්යාප්තික නවලෝකෝත්තරධර්මය ස්වාඛ්යාතය, ලෝකෝත්තරධර්මය සාංදෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයනාර්හය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා වේදිතවය්ය” යි ධර්මයෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ ශුද්ධිය සඳහා අපර්ය්යවදාත චිත්තයාගේ පර්ය්යවදානය සඳහා මෙ දෙ වන ආභිචේතසික දෘෂ්ටධර්මසුඛවිහාරය අධිගත වෙයි.
තවද ශාරීපුත්රයෙනි, අරීසවු “භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවකසඞ්ඝයා සුපිළිපන් ය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝයා ඍජුමාර්ගයට පිළිපන්නේ ය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝයා න්යාය (අර්හත්වය පිණිස) ප්රතිපන්න ය, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසඞ්ඝයා අනුරූප ප්රතිපත්තියට පිළිපන්නේ ය. ඔහු කවරහ යත්: පුරුෂයුගම (මාර්ගස්ථ ඵලස්ථ විසින්) සතරක් වන අෂ්ට පුරුෂපුද්ගලයෝ ය. භාග්යවතුන් වහන්සේගේ තෙල ශ්රාවකසඞ්ඝයා ආහුනෙය්යය වෙයි, පාහුනෙය්යය වෙයි, දක්ඛිණෙය්ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්ර වේ” යයි අෂ්ටාර්ය්යපුද්ගල සඞ්ඝයා කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්ය්යවදාත චිත්තයාගේ පර්ය්යවදානය සඳහා මේ තුන් වන ආභිචෛතසික දෘෂ්ටධර්මසුඛවිහාරය අධිගත වෙයි.