5. 4. 3. 10.
[ගවේසී සූත්රය]
30. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහ බික්සඟන හා සමඟ කොසොල්දනව්යෙහි සැරිසරණසේක. දීර්ඝමාර්ගයට පිළිපන් භාග්යවතුන් වහන්සේ අන්යතර ප්රදේශයෙක්යි මහසල්වනයක් දුටු සේක. දැක මාර්ගයෙන් ඉවත් ව එ සල්වන කරා වැඩි සේක. වැඩ එ සල්වනයට පිවිස එක් පියසෙක වැඩසිට සිනා පාළ කළ සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට තෙල සිත් විය: “භාග්යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවර! ප්රත්යය කවර! තථාගතයෝ නො කරුණෙන් සිනා පාළ නො කෙරෙත් ය” යි.
එක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළකළහ: “වහන්ස, භාග්යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ ය? ප්රත්යය කවරේ යැ? තථාගතයෝ නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති” යි.
ආනන්දයෙනි, පෙර මෙ පියෙස්හි සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ දනක් ඇති ගැවසීගත් මිනිසුන් ඇති නුවරෙක් විය. ආනන්දයෙනි, අර්හත් සම්යක්සම්බුද්ධ වු කාශ්යප භාග්යවතුන්වහන්සේ එ නුවර නිසා විසූහ.
ආනන්දයෙනි, අර්හත් සම්යක්සම්බුද්ධ වු කාශ්යප භාග්යවතුන්වහන්සේට, ශීලයෙහි අපරිපුරකාරී වූ ගවේසී නම් උපාසකයෙක් විය. ආනන්දයෙනි, ගවේසී උවසුවහු විසින් පන්සියයක් පමණ උවසුවෝ (උපාසකත්වයට) පිළිණ කරවන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු ශීලයෙහි අපරිපුරාකාරී වූහ.
ආනන්දයෙනි, එක්බිති, ගවේසී උපාසකයාහට තෙල සිත් විය. “මම් වනාහි මේ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි අපරිපුරකාරීයෙමි. මේ පන්සියක් උවසුවෝ ද ශීලයෙහි අපරිපුරකාරි වෙති. මෙසෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් නැත. මම් අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැව” යි.
ආනන්දයෙනි, ඉක්බිති ගවේසී උපාසක එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සියක් උවසුවනට තෙල කීය: “ආයුෂ්මත්නි, අදින් මතු මා ශීලයෙහි පරිපුරකාරියකු කොට ධරවු” යි.
ඉක්බිති ආනන්දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල සිත් විය: “ආර්ය්ය ගවේසී අපට බහුකාර ය, පූර්වඞ්ගමය, සමාදන් කරවන්නේ ය. ආර්ය්ය ගවේසී වනාහි ශීලයෙහි පරිපුරකාරි වන්නේ ය. කවර කරුණෙන් අපි එසේ නො වමෝ දැ?”යි.
ඉක්බිති ආනන්දයෙනි, එ පන්සියක් උවසුවෝ ගවේසී උපාසකයා කරා එළඹියහ. එළඹ ගවේසී උවසුහට තෙල කීහ: “අද පටන් කොට ආර්ය්ය ගවේසී තෙමේ මෙ පන්සියක් උවසුවන් ශීලයෙහි පරිපූරකාරීන් කොට ධරාවා” යි.
ආනන්දයෙනි, එ කල්හි ගවේසී උපාසකයාහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි. පූර්වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරී වෙමි. මෙ පන්සික් උවසුවෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ” යි.
ආනන්දයෙනි, ඉක්බිති ගවේසී උවසු එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සිවක් උවසුවනට තෙළ කී ය: “ආයුෂ්මත්හු මා අද පටන් කොට ගැමිදහම් වූ මෛථුනයෙන් වෙන්ව හැසිරෙන අබ්රම්සරින් දුරු වූ බඹසර ඇතියකු කොට ධරව”යි.
එක්බිති ආනන්දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල අදහස විය: “ආර්ය්ය ගවේසී වනාහි අපට බහුකාර වෙයි, පූර්වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්ය්ය ගවේසී ග්රාමධර්ම වූ මෛථුනයෙන් වැළකියේ අබ්රම්සරින් දුරු වූයේ බඹසරවස් ඇති වෙයි. අපි දු කවර හෙයින් එසේ නො වමෝ දැ?” යි.
ආනන්දයෙනි, එක්බිති ඒ පන්සියක් උවසුවෝ ගවේසී උපාසක කරා එළඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල සැළකළහ: “අද පටන් කොට ආර්ය්ය ගවේසී මෙ පන්සියක් උවසුවන් ග්රාමධර්ම සඞ්ඛ්යාත මෛථුනයෙන් විරත වූ අබ්රම්සරින් දුරු වූ බ්රහ්මචාරීන් කොට ධරාවා”යි.
ආනන්දයෙනි, ඉක්බිති ගවේසී උවසුහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උපාසකයනට බහුකාරයෙම්, පූර්වඞ්ගමයෙම්, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපුරකාරීයෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙත්. මමත් ග්රාම ධර්ම සඞ්ඛ්යාත මෙවුන්දමින් වෙන් වූයෙම් අබ්රම්සරින් දුරු වූයෙම් බ්රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උවසුවෝ ද ග්රාමධර්ම නම් වූ මෛථුනයෙන් වෙන් වූවාහු අබ්රම්සරින් දුරු වූවාහු බ්රහ්මචාරී වෙත්. මෙ සෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේක ගුණයක් සඳහා වෙහෙසම් නම්, මැනැවැ” යි.