4. අරඤ්ඤක වර්‍ගය
5. 4. 4. 1.
[ආරඤ්ඤක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ ආරණ්‍යකයෝ (වනවාසීහු) පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක් යත්:
බාල බැවින් මූඪ බැවින් ආරණ්‍යක වෙයි. පාපේච්ඡ වූයේ ලාමක ඉච්ඡායෙන් මඩනා ලදුයේ ආරණ්‍යක වෙයි. උන්මාදය හේතු කොට චිත්තක්‍ෂේපය හේතු කොට ආරණ්‍යක වෙයි. ‘බුදුන් විසින් බුදු සව්වන් විසින් (මේ ආරණ්‍යකාඞ්ගය) පසස්නා ලදැ’ යි ආරණ්‍යක වෙයි. අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා ක්ලේශ ලිඛනය (කෙලෙසුන් ලියාලීම) ම නිසා උත්තම විවේකය ම නිසා මේ කල්‍යාණ ප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා (ධුතාඞ්ග වශයෙන්) ආරණ්‍යක වෙයි. මහණෙනි, මේ පඤ්ච ආරණ්‍යකයෝ ය.
මහණෙනි, මේ පස් වැදෑරුම් ආරණ්‍යකයන් අතුරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුට්ඨිය ම නිසා ක්ලේශස ලිඛනය ම නිසා මේ කල්‍යාණප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා ආරණ්‍යක වේ ද, මේ තෙමේ මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ ද; එසෙයින් ම මහණෙනි, මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමත්‍ථි භාවය ම නිසා ආරණ්‍යක වේ ද, මේතෙම මේ පඤ්ච ආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ ය යි.
5. 4. 4. 2.
[පංසුකූලික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, මේ පංසුකූලිකයෝ (පහුල් සිවුරු දරණ පියවි ඇත්තෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 3.
[පිණ්ඩපාතික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මේ පිණ්ඩපාතිකයෝ (පිණ්ඩපාතයෙන් ම යැපෙනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 4.
[රුක්ඛමූලික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, මේ රුක්ඛමූලිකයෝ (රුක්මුල්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 5.
[සෝසානික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මේ සෝසානිකයෝ (සොහොන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 6.
[අබ්භෝකාසික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මේ අබ්භොසිකයෝ (එළිමහන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 7.
[නෙසජ්ජික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මේ නෙසජ්ජිකයෝ (හිඳින ඉරියව්වෙහි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 8.
[යථාසන්‍ථතික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, මේ යථාසන්‍ථතිකයෝ (පළමු ලද අසුන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 9.
[ඒකාසනික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මේ ඒකාසතිකයෝ (වකම නිෂද්‍යාවෙහි බොජුන් වළඳනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 10.
[ඛලුපච්ඡාභත්තික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මේ ඛලුපච්ඡාභත්තිකයෝ (වළඳා අවසන් වූ පසු ලද බොජුන් නො පිළිගන්නෝ) පස් දෙනෙකි ...