5. 4. 3. 4.
[වෙර සූත්රය]
[සැවැත්නිදාන යි]
24. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්යවතුන් වහන්සේ තෙල වදාළෝ:
ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ. කවර පසෙක යත්:
පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණුවූ රහමෙර යැ යි.
ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ.
ගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්රහීණ කිරීමෙන් සිල්වත් ය යි කියනු ලැබේ. සුගතියට ද එළඹේ. කවර පසෙක යත්:
පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණු වූ රහමෙර යි.
ගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්රහීණ කොට සිල්වත් යයි කියනු ලැබේ. සුගතියට ද එළඹේ ය යි.
ගැහැවිය, පණිවා කරණුයේ ප්රාණඝාතප්රත්යයෙන් යම් ම දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, පණිවායෙන් දුරුවූයේ දෘෂ්ටධාර්මික භය හා වෛර හා නො ම ප්රසව කෙරෙයි, සාම්පරායික භය හා වෛර හා නො ම ප්රසව කෙරෙයි, මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය. පණිවායෙන් දුරුවුවහුට මෙසේ එ භය හා වෛර හා සන්හුන් වෙයි. ගැහැවිය, අයිනාදන් ගන්නා සුලුයේ ... ගැහැවිය, කාමයෙහි මිසහසර ඇතියේ ... ගැහැවිය, මුසාබස් කියනුයේ ... ගැහැවිය, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනුයේ මදපමා දෙකට කරුණු වූ රහමෙර බිම් හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ එ දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්රසව නො කෙරෙයි සාම්පරායික භය හා වෛර හා ප්රසව නො කෙරෙයි. මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූවහුට මෙ ලෙසින් එ භය හා වෛර හා සන්හිඳුනේ වේ යයි.
80. යමෙක් පණිවා කෙරේ නම්, මුසාවාත් බෙණේ නම්, ලොව්හි නුදුන් දෑ ගන්නේ නම්, පරඹුන් කරා ද යේ නම්, යම් පුඟුලෙක් රහමෙර පානයත් කෙරේ නම්,
81. හේ පඤ්ච වෛරයන් ප්රහීණ නො කොට දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. ඒ දුෂ්ප්රාඥ කාබුන් මරණින් මතු නිරයට එළඹෙයි.
82. යමෙක් පණිවා නො කෙරේ ද, මුසාවා නො බෙණේ ද, ලොව්හි අයිනාදන් නොගන්නේ ද, පරඹුන් කරා නො යේ ද, යම් නරයෙක් රහමෙර පානයෙහිත් නො යෙදේ ද,
83. හේ පඤ්ච වෛරයන් දුරු කොට සිල්වත් ය යි කියනු ලැබේ. කාබුන් මරණින් මතු ඒ සප්රාඥ තෙමේ සුගතියට පැමිණේ ය යි.
5. 4. 3. 5.
[උපාසකචණ්ඩාල සූත්රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක, උපාසක-චණ්ඩාල ද උපාසකමල ද උපාසකප්රතිකෘෂ්ට (උපාසක පිළිකුල) ද වෙයි. කවර පසෙකින් යත්:
ශ්රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. කොතුහලමඞ්ගලික (සුබනිමිති බලනු) යෙක් වෙයි. කර්මය නො ව මඞ්ගලය අදහයි. මෙ සස්නෙන් බැහැර දක්ෂිණාර්හයකු සොයයි. එහිදු පූර්වකාර කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක, උපාසකචණ්ඩාල හා උපාසකමල හා උපාසක ප්රතිකෘෂ්ට හා වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක, උපාසකරත්න හා උපාසකපද්ම හා උපාසකපුණ්ඩරීක හා වෙයි. කවර පසෙකින් යත්: