4. 4. 5. 9.
[තණ්හාජාලිනී සූත්රය]
49. මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ, වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, තෘෂ්ණාව තොපට දෙසමි. එ අසව මොනවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යැ යි ඒ මහණහු භගවත්හට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළඳනා ලදුයේ වටා වෙළුනේ, හූ කැටියක් සෙයින් අවුල් වූයේ, පෙහෙරහූගෙඩි වැනි වූයේ, මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවිසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, එ තෘෂ්ණා නම් කවර?
මහණෙනි, ආධ්යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි. බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනෙකි.
ආධ්යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ මෙ අටළොස් දෙනා කවරහ යත්: මහණෙනි, (ආධ්යාත්මික පස්කඳ ගෙණ තෘෂ්ණාමාන දෘෂ්ටිවශයෙන් සමූහග්රාහය වේ නුයි) ‘මම’ යැ යි (වෙන් කොට) ගැණුම ඇති කල්හි (ක්ෂත්රියාදීන් කෙරෙහි) “මෙබඳු ප්රකාර ඇත්තෙමි”යි වෙයි. (ක්ෂත්රියාදීන් කෙරෙහි සම විසින් ගෙණ) ‘මෙසේ වෙමි’යි වෙයි. (ක්ෂත්රියාදීන් කෙරෙහි අසම විසින් ගෙණ) ‘අන් ප්රකාර ඇතියෙමි’යි වෙයි. ‘නිත්යයෙමි’යි වෙයි. ‘අනිත්යයෙමි’යි වෙයි. (සංශයපරිවිර්කවශයෙන්) ‘වෙම් දෝ හෝ’ වෙයි. ‘මෙබඳු ප්රකාරයෙන් වෙම් දෝ හෝ’යි ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වියහෙම් දෝ හෝ’යි ‘මම මෙබඳු ප්රකාර ඇති විය හෙම් දෝ හෝ’යි වෙයි. ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. ‘මම අන් සැටියකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) වෙමි’යි වෙයි. ‘මෙබඳු ප්රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. ‘මෙසේ වෙමි’යි වෙයි. ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. ආධ්යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙන කවරහ යත්? මහණෙනි, මේ රූපාදීන් ‘මම’ යැ යි වෙන් කොට ගැණුම ඇති කල්හි මේ රූපාදීන් ‘මෙබඳු ප්රකාර ඇතියෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියකින් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘නිත්යයෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අනිත්යයෙමි’යි වෙයි. (සංශයවිතර්කවශයෙන්) මේ රූපාදීන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙබඳු ප්රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘අන්සැටියෙකින් වෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙබඳු ප්රකාර ඇතිවියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම මෙසේ වියහෙම් දෝ හෝ’යි වෙයි. මේ රූපාදීන් ‘මම අන් සැටියෙකින් වියහෙම් දෝ හෝ’යි වෙයි. (අනාගත වශයෙන්) මේ රූපාදීන් ‘වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙ බඳු ප්රකාර ඇතියෙම් වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘මෙසේ වෙමි’යි වෙයි. මේ රූපාදීන් ‘අන් සැටියෙකින් වෙමි’යි වෙයි. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණා විචරිතයෝ අටළොස් දෙනහ.
මෙසෙයින් ආධ්යාත්මික පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙක. බාහිර පස්කඳ ගෙණ මේ තෘෂ්ණාවිචරිතයෝ අටළොස් දෙනෙකැයි, මහණෙනි, මොහු සතිස් තෘෂ්ණාවිචරිතයහ යි කියනු ලැබේ. මෙසේ මෙබඳු අතීත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. අනාගත තෘෂ්ණාවිචරිතයෝ සතිසෙක. ප්රත්යුත්පන්න තෘෂ්ණාවිචරිතයෝ සතිසෙකැයි (මෙ හැම ගොස්) තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වෙයි.
මහණෙනි, යම් තෘෂ්ණායෙකින් මෙ ලෝවැසි, මතුයෙහි වළදනාලදුයේ වටා වෙළුනේ හූ කැටියක් සෙයින් අවුල් වූයේ පෙහෙර හූ ගෙඩි වැනි වූයේ මුදුතණ බබුස්තණ වැනි වූයේ, සැපයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන සංසාරය ඉක්ම නො සිටුනේ වේ ද, දැල් බඳු, විහිද සිටුනා, වික්ෂිප්ත, ඒ ඒ අරමුණෙහි ලගනා, මෝ ඒ තෘෂ්ණා ය.