4. සිවුවැනි පණ්ණාසකය
1. ඉන්ද්රිය වර්ගය
4. 4. 1. 1.
[ඉන්ද්රිය සූත්රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ඉන්ද්රියයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශ්රද්ධේන්ද්රිය ය, වීර්ය්යෙන්ද්රිය ය, ස්මෘතීන්ද්රිය ය, සමාධින්ද්රිය යි.
මහණෙනි, මේ සතර ඉන්ද්රියයෝ යි.
4. 4. 1. 2.
[බල සූත්රය]
2. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශ්රද්ධාබල ය, වීර්ය්යබල ය, ස්මෘතිබල ය, සමාධිබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 3.
[දෙවැනි බල සූත්රය]
3. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්රඥාබල ය, වීර්ය්යබල ය, අනවද්යබල ය, සඞ්ග්රාහබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 4.
[තෙවැනි බල සූත්රය]
4. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ස්මෘතිබල ය, සමාධිබල ය, අනවද්යබල ය, සඞ්ග්රාහබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 5.
[සිවුවැනි බල සූත්රය]
5. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ප්රතිසඞ්ඛ්යානබල ය, භාවනාබල ය, අනවද්යබල ය, සඞ්ග්රාහබල යි.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 6.
[අසඞ්ඛෙය්ය සූත්රය]
6. මහණෙනි, මේ මේ කල්පය පිළිබඳ සතර අසඞ්ඛෙය්ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, යම් කලෙක්හි කප නස්නේ ද, මෙතෙක් වර්ෂ කෙනෙක කියා හෝ මෙතෙක් වර්ෂශතයෙක කියා හෝ මෙතෙක් වර්ෂසහස්රයෙක කියා හෝ මෙතෙක් වර්ෂශතසහස්රයෙක කියා හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, යම් කලෙක කප සංවර්තව සිටුනේ ද, වර්ෂ මෙතෙකැ යි කියා හෝ වර්ෂශත මෙතෙකැයි කියා හෝ වර්ෂසහස්ර මෙතෙකැ යි කියා හෝ වර්ෂශතසහස්ර මෙතෙකැයි කියා හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, යම් කලෙක කප වැඩේ ද, වර්ෂ මෙතෙකැ යි හෝ වර්ෂශත මෙතෙකැයි හෝ වර්ෂසහශ්ර මෙතෙකැ යි හෝ වර්ෂශතසහශ්ර මෙතෙකැ යි හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, යම් කලෙක කප විවර්ත ව සිටුනේ ද, මෙතෙක් වර්ෂයැ යි හෝ මෙතෙක් වර්ෂශතය යි හෝ මෙතෙක් වර්ෂසහස්රය යි හෝ මෙතෙක් වර්ෂශතසහස්රය යි හෝ එය ගණනට සුකර නො වේ.
මහණෙනි, මේ කල්පයාගේ සතර අසඞ්ඛෙය්යයෝ යි.
4. 4. 1. 7.
[රෝග සූත්රය]
7. මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්:
කායිකරෝගය හා චේතසිකරෝග යි.
මහණෙනි, කායිකරෝගයෙන් එක් හවුරුද්දකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු දෙකකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු තුණකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු සතරකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු පසකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු දසයකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු විස්සකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු තිසකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු සතළිසකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු පණසකුදු ආරෝග්යය පිළිණ කරණ, හවුරුදු සියයකුදු ආරෝග්යය පිළිණ කරණ සත්හු පැණෙති.