4. 4. 5. 1.
[සොතානුධත සූත්රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, වචනයෙන් පුරුදු කළ සිතින් පිරික්සා බැලූ නුවණින් මොනවට ප්රතිවේධ කළ පහන්කන් රුකොට නුවණ කණින් ව්යවස්ථා කළ ධර්මයන්ගේ අනුසස් සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුෂිතස්මෘතිව කලුරිය කරන්නේ අන්යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධවචනානුස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැලි ඒ සත්ත්වයා වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පරීක්ෂා කරණ ලද ප්රඥායෙන් අවබෝධ කරණලද ධර්මයන්ගේ මේ පළමුවන ආනිසංසය කැමැති විය යුතුය.
තව ද මහණෙනි, මහණ සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පරීක්ෂා කරණ ලද්දාහු ප්රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුළා සිහි ඇතිව කලුරිය කරන්නේ අන්යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්මපදයෝ නො වටහත්. වැලිත් රහත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම පෙර අත්බව යම් සස්නෙක බඹසරවස් පිරීම් ද, මේ ඒ ධර්මවිනය කියා ය. මහණෙනි, ස්මෘති උත්පත්තිය ලැසි ය. වැලි ඒ සත්ත්ව තෙමේ වහා විශේෂගාමී වෙයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් බෙරහඬෙහි දක්ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ බෙරහඬ අසයි. බෙරහඬෙක් වේ දෝ හෝ බෙරහඬෙක් නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ නො වෙයි. වැලිත් බෙරහඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ, සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පිරියෙස්නා ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළාව කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්මපදයෝ නො වටහත්. වැලිත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ දහම් විනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්ධය. වැලි ඒ සත්ත්ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පිරියෙස්ලි කරණ ලද ප්රඥායෙන් අවබෝධ කරණ ලද ධර්මයන්ගේ මේ දෙවන ආනිසංසය කැමැති විය යුතු ය.
තව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්මපදයෝ නො ම වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො ම දෙසයි. වැලිත් (ධර්මකථික) දෙව්පුතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, ඒ මේ ධර්මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්ධය. වැලි ඒ සත්ත්ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් සක්හඬෙහි දක්ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ සක්හඬ අසයි. සක්හඬ දෝ හෝ සක්හඬ නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ ඔහුට නො වෙයි. වැලිත් සක්හඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් දෙව්පිතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ ධර්මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය ගුරු ය. වැලිත් ඒ සත්ත්ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද නුවණින් අවබෝධ කරණ ලද ධර්මයන්ගේ මේ තුන්වන ආනිසංසය කැමැති විය යුතු ය.
තව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්රාප්ත වූයේ දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්රයෙක් ද දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් (පළමු උපන්) ඕපපාතිකයෙක් ඒ (පසුව උපන්) ඕපපාතිකයා සිහිපත් කරවයි. “නිදුකානෙනි, යම් සස්නෙක පෙර අපි බඹසර වුසූම්හයි නො සිහි කෙරෙහි ද”? හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි. නිදුකානෙනි සිහිකරමි.” මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්ධය. වැලි ත් ඒ සත්ත්ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.