4. 4. 3. 3.
[මහාකොට්ඨිත සූත්‍රය]
23. එසඳ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.”
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නොකියව”යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්ද නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ දතයුතු වේ ද?
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච (තණ්හා මාන දිට්ඨි විසින් විස්තර) නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැතැ යි මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ යි කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂවිරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේත් නො වෙයි, නැත්තේත් නො වෙයි. මෙසේ කියනුයේ, ප්‍රපඤ්ච නො කටයුතු තැන ප්‍රපඤ්ච කෙරෙයි.
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය (විෂය) යම්තාක් වේ ද, ඒ තාක් ප්‍රපඤ්චයාගේ (තෘෂ්ණාදෘෂ්ටිමාන) ගතිය වෙයි. ප්‍රපඤ්චයාගේ ගතිය යම්තාක් වේ ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ද එතෙක් ම ය. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාග නිරෝධයෙන් ප්‍රපඤ්චනිරෝධය වෙයි. ප්‍රපඤ්ච නිරෝධයෙන් ප්‍රපඤ්ච ව්‍යුපශමය වෙයි.
4. 4. 3. 4.
[ආනන්‍ද සූත්‍රය]
24. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් හා සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්ද? ඇවැත්නි, එසේ නො කියව” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.”
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි යම්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන් කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේදැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මත්තෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්දැ නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නොකියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය දතයුතු වේ ද?