4. 4. 3. 2.
[සාරිපුත්ත - පටිසම්භිදා සූත්රය]
22. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මහණෙනි,” යි, භික්ෂූන් බණවාලූහ. ඇවැත්නි, යී ඒ භික්ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් කරුණු විසින් අකුරු විසින් අර්ත්ථප්රතිසම්භිදාව ප්රත්යක්ෂ කරණ ලදු. මම එය නන් නියරින් කියමි. පළකොට කියමි. දන්වමි. පවත්වා කියමි. හෙළි කොට කියමි. විභාග කොට කියමි. නොගැඹුරු (නොමුවහ) කොට කීමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්රශ්නයෙන් එළඹේවා. මම ප්රශ්නව්යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘ කෙනෙක් අපගේ දහම් පිළිබඳ අතිශයකෘතහස්ත වූහු නම්, ඒ ශාස්තෲහු ද අපට සම්මුඛීභූතයහ.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ධර්මප්රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් සාක්ෂාත්කෘත ය. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කරමි. විභාග කෙරෙමි. නොගැඹුරු කෙරෙමි. යමක්හට කාඞ්ක්ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්රශ්නයෙන් එළඹේවා, මම ප්රශ්නව්යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශයින් නිපුණ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් නිරුක්තිප්රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්රත්යක්ෂ කරණ ලදු. මම එය නන් ආරෙන් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කෙරෙමි. බෙදමි. ප්රකට කෙරෙමි.
යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්රශ්නයෙන් එළඹේවා. මම ප්රශ්නව්යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘකෙනෙක් අපගේ දහම් පිළිබඳව අතිශය දක්ෂ වූහු ද, ඒ ශාස්තෲහු අපට සම්මුඛීභූතයහ.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ප්රතිභාන ප්රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්රත්යක්ෂ කරණ ලදු. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. පණවමි. පවත්වා ලමි. විවරණ කරමි. බෙදාලමි. ප්රකට කෙරෙමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්රශ්නයෙන් එළඹේවා. මම ප්රශ්නව්යාකරණයෙන් සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශය සමර්ත්ථ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
4. 4. 3. 3.
[මහාකොට්ඨිත සූත්රය]
23. එසඳ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) ඇද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් (-ක්ලේශයෙක්) නැද්ද? ඇවැත්නි, “එසේ නො කියව.” ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායනතයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ ද? “ඇවැත්නි, එසේ නො කියව.” ඇවැත්නි, සැවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ නිශ්ශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇතියේ හෝ නො ම නැතියේ හෝ වේ ද? ඇවැත්නි, “එසේ නො කියව.”
ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත, එසේ නොකියව”යි කියහි. ඇවැත්නි සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් ඇත්තේ හෝ නැත්තේ හෝ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ අශේෂ විරාගය හා නිරෝධයෙන් මතුයෙහි අන්කිසි දැයෙක් නො ම ඇද්ද නො ම නැද්දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, එසේ නො කියව” යි කියහි. ඇවැත්නි, කෙසේ නම් මේ භාෂිතයාගේ අර්ත්ථ දතයුතු වේ ද?