3. 2. 3. 6.
26. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ ද?
ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නො පැණෙයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාර විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් රූපභවය කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ රූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ අරූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.
3. 2. 3. 7.
27. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ දැ යි?
ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවය කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. (සහජාත) අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි කර්‍මචේතනාව පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම්, රූපධාතුව කිම, පැණේ ද?
වහන්ස, තෙල නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව රූප ධාතුයෙහි පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි.