3. 2. 3. 2.
[කොසඹෑනිදාන යි:]
22. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල එක්තරා ආජීවක ශ්‍රාවක වූ ගැහැවියෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇදුරු කොට වැඳ, එකත්පස්හි හින. එකත්පස්හි හුන් ඒ ආජීවක ශ්‍රාවක වූ ගැහැවි ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල සැළ කෙළේය. වහන්ස, ආනන්‍දයෙනි, කවර කෙනකුන්ගේ දහම් මොනොවට දෙසන ලද්දේ වේ ද? ලෝකයෙහි කවර කෙනෙක් සුපිළිපන් වෙත් ද? ලෝකයෙහි කවර කෙනෙක් මනා ගති ඇති වෙත් දැ යි?
ගැහැවියෙනි, එයින් තා ම මෙහි ලා පුළුවුස්නෙමි. යම් පරිදි තට රිසියේ නම් එපරිදි එය ප්‍රකාශ කරව. ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වේ ද, නොහොත් නො වේ ද? තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේ දැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ වෙයි. මෙහි ලා මට මෙසේ සිත් වෙයි.
ගැහැවියෙනි, ඒ කිමැයි සිතවු ද? යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ඔහු ලෝකයෙහි සුපිළිපන්හු වෙත් ද, නොහොත් නො වෙත් ද, තට මෙහි ලා කෙසේ හෝ අදහස් වේදැයි? වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා පිළිපන්නාහු වෙත් ද? ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන් වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.
ගැහැවියෙනි, ඒ කිසෙයින් සිතවු ද? යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ ද, මුලසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ ද, ... යම් කෙනකුන්ගේ මෝහය ප්‍රහත වේ ද, මුලුසුන් වේ ද, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ ද, අනභාව කරණ ලද්දේ වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ ද, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙත් ද? නොසේ වෙත් ද? මෙහි ලා තට කෙසේ හෝ අදහස් වේ දැ යි? වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාවය කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනා ගති ඇති වෙති. මෙහි ලා මට මෙසේ අදහස් වෙයි.
ගැහැවියෙනි, “වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ද්වේෂප්‍රහාණය සඳහා ... මෝහප්‍රහාණය සඳහා දහම් දෙසත් ද, ඔවුන් විසින් ඒ දහම මොනොවට දෙසන ලද්දේ ය” යි මෙසේ තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනෙක් රාගප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු ලෝකයෙහි සුපිළිපන්හ’ යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී. ‘වහන්ස, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, යම් කෙනකුන්ගේ ද්වේෂය ප්‍රහත වේ නම් ... මෝහය ප්‍රහත වේ නම්, මුලුසුන් වේ නම්, මුදුන් සුන් තලක් සේ අවස්තුකභාවය කරණ ලද්දේ වේ නම්, අනභාව කරණ ලද්දේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, ඔහු ලෝකයෙහි මනාගති ඇති වෙති’යි තා විසින් ම තෙල ප්‍රශ්නය විසඳා කියන ලදී.
වහන්ස, ඇඟිලි පොළන්නට නිසිය. වහන්ස, නොවූවිරියෙක, තමා ලද හුවා නො දක්වනු වෙයි. මෙරමා ලද හෙළනුදු නොවෙයි. නිසි කරුණෙහි ම දහම් දෙසුම් වෙයි. පුළුවුත් පැනට අර්‍ත්‍ථය ම පැවසින. තෙමේත් (අපි මෙබන්දම්හ යි) එළවා නො දැක්වින.
වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා දහම් දෙසව. ද්වේෂප්‍රහාණය සඳහා දහම් දෙසව. මෝහප්‍රහාණය සඳහා දහම් දෙසව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ දහම මොනොවට පවසන ලදී. වහන්ස, ආනන්‍දයෙනි, තෙපි රාගප්‍රහාණය සඳහා පිළිපන්නාව. ද්වේෂප්‍රහාණය ... මෝහප්‍රහාණය සඳහා පිළිපන්නාව. තෙපි ලෝකයෙහි සුපිළිපන්නාව. වහන්ස, ආනන්‍දයෙනි, තොපගේ රාගය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තොපගේ ද්වේෂය ... තොපගේ මෝහය ප්‍රහත වෙයි. මුලුසුන් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුකභාවය කරණ ලද්දේ වෙයි. අනභාව කරණ ලද්දේ වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. තෙපි ලෝකයෙහි මනාගති ඇත්තාව.