3. 2. 2. 6.
16. එක් සමයෙක්හි ආයුෂ්මත් නන්දක මහතෙරහු සැවැත් නුවර මුවරමාපහය නම් ලද පූර්වාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි මුවර මහසිටුහු මුනුපුරු සාළ්හ සිටු හා පේඛුනිය සිටුහු මුනුපුරු රෝහණ සිටු නන්දක මහතෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් නන්දක මහතෙරුන් සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් මුවර මහසිටු මුනුපුරු සාළ්හයනට ආයුෂ්මත් නන්දක මහතෙරහු තෙල පැවසූහ.
සාළ්හයෙනි, තෙපි එව, අනුශ්රවකථායෙනුදු නො ගණුව, පරම්පරාකථායෙනුදු නො ගණුව, (තෙල මෙසේ වේ ල යන මේ) ඉතිකිරා කථායෙනුදු නො ගණුව, (අපගේ පෙළ හා සැසඳෙතී යන) පිටක සම්පදානයෙනුදු නො ගණුව, තර්කග්රාහයෙනුදු නො ගණුව, නයග්රාහයෙනුදු නො ගණුව, ආකාරපරිවිතර්කයෙනුදු නො ගණුව, (අප ඉවසූ දෘෂ්ටිය හා සැසඳෙතී යන) දෘෂ්ටිනිර්ධ්යානක්ෂාන්තියෙනුදු නො ගණුව, භව්යරූපභාවයෙනුදු නො ගණුව, මේ මහණහු අප ගුරුහ යන හේතුයෙනුදු නො ගණුව, සාළ්හයෙනි, යම් කලෙක තෙපි “මේ දහම්හු අකුසල්හ, මේ දහම්හු සාවද්යයහ, මේ දහම්හු විඥගර්හිතයහ, මේ දහම්හු පරිපූර්ණ වූවාහු පරාමර්ෂ වශයෙන් ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති” යි තුමූ ම දනිව් ද, සාළ්හයෙනි, එකල තෙපි හැරපියව්.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ලෝභය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම තෙල අර්ත්ථය ‘අභිධ්යා’ යි කියමි.
සාළ්හයෙනි, ලුබ්ධ වූ අභිධ්යා බහුල නො වූ මේ පුරුෂ, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්රාණයන් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, ද්වේෂය ඇද් ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘ව්යාපාද’ය යි තෙල අර්ත්ථය කියමි.
සාළ්හයෙනි, ද්විෂ්ට වූ ව්යාපාදයට පත් සිතැති මේ පුද්ගල, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්රාණත් නස්නේ ය, ... මුසවා බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැ යි හඟිව් ද, මෝහය ඇද්ද? වහන්ස, එසේය. සාළ්හයෙනි, මම ‘අවිද්යා’යී තෙල අර්ත්ථය කියමි.
සාළ්හයෙනි, මූඪ වූ අවිද්යායෙන් යුක්ත මේ පුරුෂ, යම් කර්මයෙක් ඔහුට දීර්ඝරාත්රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද, එබඳු කර්ම වූ ප්රාණත් නස්නේ ය, අයිනාදනුත් ගන්නේ ය, පරදාරයන් කරාත් යන්නේ ය, මුසවාත් බණන්නේ ය, මෙරමාත් එසෙයට සමාදන් කරවන්නේ ය. වහන්ස, එසේය.
සාළ්හයෙනි, ඒ කිමැයි හඟිව් ද? මේ දහම්හු කුසල් හෝ අකුසල් හෝ වෙද් ද? වහන්ස, අකුසල්හ. සාවද්ය හෝ අනවද්ය හෝ වෙත් ද? වහන්ස, සාවද්යයහ. විඥගර්හිත හෝ විඥප්රශස්ත හෝ වෙද්ද? වහන්ස, විඥගර්හිතයහ. සමාත්ත වූවාහු සමාදත්ත වූවාහු අහිතයට දුඃඛයට වැටෙත් ද? නොහොත් නො වැටෙද් ද? මෙහිලා කෙසේ හෝ අදහස් වේ ද? වහන්ස, පරිපූර්ණ වූවාහු මොනොවට ගන්නා ලද්දාහු අහිතයට දුඃඛයට වැටෙති. මෙහිලා අපට මෙසේ අදහස් වෙයි.