10. 4. 2. 5.
පඨම අධම්ම සූත්රය
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය හා දතයුත්තේ ය. ධර්මය හා අර්ත්ථය හා දතයුත්තේ ය. අධර්මය හා අනර්ත්ථය හා දැන ධර්මය හා අර්ත්ථය හා දැන ධර්මය යම් පරිදි වේ නම් අර්ත්ථය යම් පරිදි වේ නම් එ පරිදි පිළිපැදිය යුතු.
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය කවරේය යත්:
ප්රාණාඝාතය අදින්නාදානය කාමමිථ්යාචාරය මුසාවාදය පිසුනාවාචාය ඵරුසාවාචා ය සම්ඵප්රලාපය අභිධ්යාය ව්යාපාදය මිථ්යාදෘෂ්ටිය යි. මහණෙනි, මේ අධර්මය හා අනර්ත්ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, ධර්මය හා අර්ත්ථය කවරේය යත්?
ප්රාණාඝාතයෙන් විරමණය, අදත්තාදානයෙන් විරමණය, කාමමිථ්යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්රලාපයෙන් විරමණය, අනභිධ්යාය, අව්යාපාදය, සම්යක්දෘෂ්ටිය යී. මහණෙනි, මේ ධර්මය හා අර්ත්ථය හා යි කියනු ලැබේ.
මහණෙනි, අධර්මය හා අනර්ත්ථය හා දතයුත්තේ ය. ධර්මය හා අර්ත්ථය දතයුත්තේ ය. අධර්මය දැන අනර්ත්ථය ද දැන ධර්මය හා අර්ත්ථය හා දැන ධර්මය යම් පරිදි වේ නම් අර්ත්ථය යම් පරිදි වේ නම් එ සේ පිළිපැදිය යුතු ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදැ යි.
10. 4. 2. 6.
දුතිය අධම්ම සූත්රය
මහණෙනි, අධර්ම හා ධර්ම හා දතයුත්තේ ය. අනර්ත්ථ හා අර්ත්ථ දතයුත්තේ ය. අධර්ම හා ධර්ම හා දැන අනර්ත්ථ හා අර්ත්ථ දැන ධර්මය යම් පරිදි වේ නම් අර්ත්ථය යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු ය යි. භාග්යවතුන්වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩි නොබෝ කල් ඇතිවත් ම එ මහණුනට තෙල සිත විය. ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසි සේක, “මහණෙනි, අධර්ම හා ධර්ම හා දතයුත්තේ ය. අනර්ත්ථ හා අර්ත්ථ දතයුත්තේය. අධර්ම හා ධර්ම හා දැන අනර්ත්ථ අර්ත්ථ හා දැන ධර්ම යම් පරිදි වේ නම් අර්ත්ථ යම් පරිදි වේ නම් එපරිදි පිළිපැදිය යුතුය” යි.
භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්ත්ථය කවරෙක් නම් විතර විසින් බෙදන්නේ දැ යි?
ඉක්බිති එ මහණුනට තෙල සිත විය.
“මේ ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවෝ ශාස්තෲන් විසිනුදු සංවර්ණිතයහ. විඥසබ්රම්සරුන් විසිනුදු සම්භාවිතය හ. ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් දෙසන ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේශයාගේ අර්ත්ථය විස්තර විසින් විභජනය කිරීමට පොහෝනේත් වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්යායන තෙරුන් කරා එළඹමෝ නම්, එළඹ, ආයුෂ්මත් මහාකාත්යායන තෙරුන් තෙල අරුත් පුළුවුස්නමෝ නම්, යම් සෙයකින් ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවෝ අපට ව්යාකරණ කෙරෙත් නම් එ සෙයින් එය ධරන්නමෝ නම් යෙහෙකැ”යි.
එ කල්හි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්යායන තෙරුන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් මහාකාත්යායන තෙරුන් සමඟ සතුටු වුහ. සතුටු වියයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ මහණහු ආයුෂ්මත් මහාකාත්යායන තෙරුන්ට තෙල සැළකළහ: