10. 2. 5. 8.
ථේර සූත්රය
මහණෙනි, දස කරුණෙකින් සමන්වාගත තෙර මහණෙක් යම් ම දිසායෙක වාසය කෙරේ නම් පහසුයෙන් ම වසන්නේ ය. කවර දසයෙකින යත්:
තෙර මහණ, පැවිදිව බොහෝ කල් ඇත්තේ රාත්රඥ වෙයි. සිල්වත් වෙයි ... සිකපදයන්හි සමාදන්ව හික්මෙයි. බහුශ්රුත වෙයි ... ප්රඥායෙන් මොනොවට පිළිවිදියාහු වෙති. උභය ප්රාතිමොක්ෂයෝ ඔහු විසින් විස්තර වශයෙන් සුවිභක්ත වූවාහු මොනොවට වණපොත්වන්නාහු සූත්ර විසින් අනුව්යඤ්ජන විසින් මොනොවට විනිශ්චිත වූවාහු ස්වාගත වෙත්. අධිකරණ සමුත්පාදව්යුපශමයෙහි කුශල වෙයි. ප්රිය කථා ඇතියේ ධර්මකාම වූයේ අභිධර්මයෙහි අභිවිනයෙහි උදාර ප්රාමෝද්යය ඇත්තේ වෙයි.
ඉතරතෙර චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්ර්යය භෛෂජ්යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. ඉදිරි ගමනෙහි දු පෙරළා යන ගමනෙහිදු ප්රසාද ඇතියේ වෙයි. ඇතුළුගෙහිදු නිෂාද්යායෙන් සුසංවෘත වෙයි. අභිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛවිහරණ වූ සතර ධ්යානයන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ පහසුවෙන් ලබන සුල්ලේ වෙයි. ආස්රවයන්ගේ ක්ෂයෙන් අනාස්රව වූ චිත්තවිමුක්ති ප්රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මෙ දස කරුණෙන් සමන්වාගත තෙර මහණ යම් ම දිශායෙක්හි වෙසේ නම් පහසුවෙන් ම වාසය කෙරේ යයි.
10. 2. 5. 9.
උපාලි සූත්රය
එකල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් උපාලි තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මම ආරණ්ය - වානප්රස්ථ ප්රාන්තශයනාසනයන් සෙවුමට කැමතියෙමි යි.
උපාලි, ආරණ්ය - වානප්රස්ථ ප්රාන්තශයනාසනයෝ දුසඃහ වෙත්, සිත් ඇලැවිය නො හැකි වෙත්. ප්රවිවේකය දුෂ්කර වෙයි. අභිරමණය සුකර නො වෙයි, වනයෝ සමාධිය නො ලබන මහණහුගේ සිත ඒකී භාවය ඇතිවත් ම පැහැරගන්නාක් මෙන් මෙනි, උපාලි, යම් කෙනෙක් මෙසේ කියන්නාහු ද: “මම් සමාධිය නො ලබනුයෙම් අරණ්යයන් හි වනපෙත් හා ප්රාන්ත සෙනසුන් හා ඇසුරු කෙරෙමැ”යි (කියායි). ඔහු විසින් ගිලෙන්නේය හෝ ඉල්පෙන්නේය හෝ යන තෙල කැමති විය යුතු.