10. 2. 5. 5.
උත්තිය සූත්රය
එකල්හි උත්තිය පරිව්රාජක භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් උත්තිය පරිව්රාජක භාග්යවතුන් වහන්සේට තෙල කීය:
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි යන මෙම සත්ය ද, අනෙක මෝඝ වේ දැ? යි
උත්තිය, ‘ලෝකය ශාශ්වත ය යන මෙම සත්ය වෙයි, අනෙක මෝඝ වේ ය’යි මෙසේ මා විසින් අව්යාකෘතම වෙයි.
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්ය වේ ද? අනෙක මෝඝ වේ දැ? යි
උත්තිය, ‘ලෝකය ශාශ්වත ය’ යන මෙ ම සත්ය වෙයි, අනෙක මෝඝ යන තෙල කරුණ ද මා විසින් අව්යාකෘත වේ යයි.
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, එමැ ශරීර ය’ .. ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි ... ‘මරණින් මතු සත්ත්ව වෙයි ... සත්ත්ව මරණින් මතු නො වෙයි’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ද නොවන්නේ ද වෙයි’ ... ‘සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය නො ම නොවන්නේ ය’ යන මෙම සත්ය වෙයි. අනෙක මෝඝ වේ දැයි?
උත්තිය, ‘සත්ව මරණින් මතු නොම වන්නේ ය, නොම නොවන්නේ ය’ යන මෙම සත්ය වෙයි, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මා විසින් අව්යාකෘත වේ යයි.
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘සත්ත්ව ශාශ්වත ය’ යන මෙම සත්ය වෙයි, අනෙක මෝඝ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය ශාශ්වත ය, යන මෙම සත්ය වෙයි, අනෙක මෝඝ වේ ය’ යන තෙල මා විසින් අව්යාකාත වේ යයි කියහි,
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්ය වෙයි, අනෙක මෝඝ වේ දැයි? මෙසේ පුළුවුස්නා ලදුයේ, “උත්තිය, ‘ලෝකය අශාශ්වත ය’ යන මෙම සත්ය වෙයි, අනෙක මෝඝය යන තෙල කරුණ මා විසින් අව්යාකාතය ය”යි කියහි,
කිමෙක, භවත් ගෞතමයෙනි, ‘ලෝකය අන්තවත් ය’ ... ‘ලෝකය අනන්තවත් ය’ ... ‘ඒ මැ ජීව ය, ඒ මැ ශරීර ය, ජීවය අනෙකෙකි, ශරීරය අනෙකෙකැ යි’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු නො වන්නේ ය’ ... ‘සත්ත්ව මරණින් මතු වන්නේ ද නො වන්නේ ද වෙයි’ ... ‘සත්ත්ව මරණින් මතු නො ම වන්නේ ය, නො ම නො වන්නේ ය’ යන මෙම සත්ය, අනෙක් මෝඝ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම, “උත්තිය, සත්ත්ව මරණින් මතු නොම වන්නේ ය, නො ම නො වන්නේ ය, යන මෙම සත්යය, අනෙක මෝඝ වේය යන තෙල කරුණ ද මාවිසින් අව්යාකෘත ය”යි කියහි. වැලි එසේ වී නම් භවත් ගෞතමයන් විසින් කවරක් ව්යාකෘත වේ දැ යි?
උත්තිය, මම විශිෂ්ටඥානයෙන් දැන ම සත්ත්වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්යායයාගේ අධිගමය සඳහා නිර්වාණයාගේ සාක්ෂාත් කරණය සඳහා ශ්රාවකයනට ධර්ම දේශනා කරමි යි.
භවත් ගෞතමයෝ තෙල යම් ධර්මයක් සත්ත්වයන්ගේ විශුද්ධිය සඳහා ශෝකපරිදේවයන්ගේ සමතික්රමණය සඳහා දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය සඳහා න්යායයාගේ අධිගමය සඳහා නිර්වාණයාගේ සාක්ෂාත් කරණය සඳහා සව්වනට ධර්ම දේශනා කරත් නම්, එ දහමින් හැම ලොව හෝ, අඩෙක් හෝ, තුන්වන භාගයෙක් හෝ (නිවනට) පමුණුවනු ලැබේ දැයි? මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ තූෂ්ණීම්භූත වූහ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයනට තෙල සිත විය: “උත්තිය පරිව්රාජක මෙබඳු ලාමක දෘෂ්ටිගතයක් නහමක් ලබාවා. ‘එකැතින් මා විසින් සර්වොත්කර්ෂ ප්රශ්නය පුළුවුස්නා ලද ශ්රමණ භවත් ගෞතමයෝ වළහති, නො විසඳති, එකැතින් නො ඉවසත් යි.’ එය උත්තිය පරිව්රාජකයාහට දීර්ඝරාත්රයෙහි අහිත පිණිස දුක් වන්නේ යයි.”