අඛණ්ඩ වූ අච්ඡිද්රවූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්ය වූ විඥ ප්රශස්ත වූ අපරාමාෂ්ට වූ සමාධියට හිතව වැටෙන ආර්ය්යකාන් ශීලයෙන් සමන්වාගත වෙයි. මෙ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්වාගත වෙයි.
ඔහු විසින් කවර ආර්ය්ය න්යායයෙක් ප්රඥායෙන් සුදෘෂ්ට වූයේ සුප්රති විද්ධය යත්:
ගෘහපතිය, මෙසස්නෙහි ආර්ය්ය ශ්රාවක මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි: මෙසේ මෙ අවිද්යාදි ප්රත්ය ඇතිවත් ම මෙ සංස්කාරාදිය වෙයි. මෙ ප්රත්යයාගේ උත්පාදයෙන් මෙ ඵලය උපදනේය, මෙ ප්රත්යයාගේ අභාවය වත්ම මෙ ඵලය නොවේ, මෙ ප්රත්යයාගේ නිරෝධයෙන් මෙ ඵලය නිරුද්ධ වෙයි, එ කිසේය යත්: අවිද්යා ප්රත්යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාර ප්රත්යයයෙන් විඥානය වෙයි, විඥාන ප්රත්යයයෙන් නාමරූප වෙයි, නාමරූප ප්රත්යයයෙන් ෂඩායතන වෙයි, ෂඩායතන ප්රත්යයයෙන් ස්පර්ශ වෙයි, ස්පර්ශ ප්රත්යයයෙන් වේදනා වෙයි, වේදනා ප්රත්යයයෙන් තෘෂ්ණා වෙයි, තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වෙයි, උපාදාන ප්රත්යයයෙන් භව වෙයි, භව ප්රත්යයයෙන් ජාති වෙයි, ජාති ප්රත්යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්මනස්යෝපායාසයෝ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛස්කන්ධයාගේ සමුදය වෙයි.
අවිද්යාහුගේ ම අශේෂවිරාග නිරෝධයෙන් සඞ්ඛාර නිරෝධය වෙයි, සඞ්ඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි, විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි, නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වෙයි, ෂඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වෙයි, ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙයි, වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි, තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි, භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි, ජාති නිරෝධයෙන් ජරාමරණ ශෝක පරිදේව දුඃඛදෞර්මනස්යෝපායාසයෝ නූපදිත්. මෙසේ තෙල කේවල දුඃඛ ස්කන්ධයාගේ නිරෝධය වෙයි, ඔහු විසින් මෙ න්යාය ප්රඥායෙන් සුදෘෂ්ට සුප්රතිවිද්ධ වෙයි.
ගෘහපතිය, යම් කලෙක ආර්ය්ය ශ්රාවකයාගේ මේ පඤ්චභය වෛරයෝ ව්යුපශාන්ත වෙත් ද, මේ සතර ස්රෝතාපත්ති-අඞ්ගයෙන් සමන්වාගත වේ ද, ඔහු විසින් මෙ ආර්ය්ය න්යාය ප්රඥායෙන් සුදෘෂ්ට ද සුප්රතිවිද්ධද වෙයි. හේ කැමැති වන්නේ තෙමේ තමා පාළ කරන්නේය: ක්ෂය වූ නිරය ඇතියෙම්, ක්ෂය වූ තිරිසන්යොන් ඇතියෙම්, ක්ෂය වූ ප්රේත විෂය ඇතියෙම් ක්ෂය අවාදුගති විනිපා ඇතියෙම් නො හෙන සැහැවි ඇතියෙම් නියතයෙම් සම්බෝධි පරායණයෙම් සෝවාන් වෙමි යි.
10. 2. 5. 3.
කිංදිට්ඨික සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති මැදි දහවල් භාග්යවතුන් වහන්සේ දක්නට සැවැතින් නික්මින. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිහට තෙල සිත විය: “භාග්යවතුන් දක්නට තව ම නො කල, භාග්යවත්හු ප්රතිසංලීනයහ, මනෝ භාවනීය මහණුන් දක්නට ද, නො කල, මනෝ භාවනීය මහණහු ප්රතිසංලීනයහ. මම් අන්තොටු පිරිවැජ්ජන්ගේ අසපුව කරා යෙම් මැනැවැ”යි. ඉක්බිති අනේපිඬු සිටුතෙම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹියේ ය.
එ සමයෙහි අන්තොටු පිරිවැජියෝ එක් රැස්ව ඔල්වරසන් කරන්නාහු උස්හඬ මහ හඬ ඇත්තාහු අනේකවිධ තිරශ්චීන කථා කියන්නාහු හුන්නාහු වෙති. එ අන්තොටු පිරිවැජියෝ දුරින්ම එන අනේපිඬු ගැහැවි දුටුහු. දැක උනුන් (ඉරියව් - තෙපුල්) නැවැත් වූහ: “භවත්හු අල්ප ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරත්වා, මේ මහණ ගොයුම් සවු අනේපිඬු ගැහැවි එයි. මහණ ගොයුම්හුගේ සුදුවත් හඳනා ගිහි සව්වෝ යම් පමණ සැවැත්හි වෙසෙත් නම්, මේ අනාථ පිණ්ඩික ගෘහපති ඔවුනතුරෙන් අන්යතරයෙක, එ ආයුෂ්මත්හු වනාහි අල්පශබ්ද ඇති (මාත්රභාණී) යහු විසින් හික්මවන ලද්දාහු අල්පශබ්දයාගේ ගුණ වණන්නාහු වෙති, අල්පශබ්ද ඇති පිරිස දැන එළඹියැ යුතු කොට හඟනේ නම් මැනැවැයි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජියෝ තුෂ්ණීම්භූත වූහ.