10. 2. 5. 10.
භබ්බාභබ්බ සූත්‍රය
මහණෙනි, මෙ දහම් දසය නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි. කවර දසයෙක් යත්:
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මකුබවය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.
මහණෙනි, මෙ දස දහම් නොහැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට අභව්‍ය වෙයි.
මහණෙනි, මෙ දහම් දසය හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි. කවර දසයෙක යත්:
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්‍ෂ්‍යාය, මාත්සර්‍ය්‍යය, මානය දැයි.
මහණෙනි, මෙ දස දහම් හැර අර්‍හත්‍වය සාක්‍ෂාත් කරණයට භව්‍ය වෙයි.
පස්වැනි උපාලි වර්‍ග යි.
එහි උද්දානය:
කාම භෝගී සූත්‍රය, වෙර සූත්‍රය, දිට්ඨි සූත්‍රය, වජ්ජියමාහිත සූත්‍රය, උත්තිය සූත්‍රය, කොකනද සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය, ථේර සූත්‍රය, උපාලි සූත්‍රය, අභබ්බ සූත්‍රය දැයි දසයෙකි.
දෙවන පණ්ණාසකය නිමි.