10. 2. 4. 8.
අක්කෝසක සූත්රය
(සැවැත්)
මහණෙනි, යම් මහණෙක් සබ්රම්සරුනට අක්කෝස පරිභාස කරන්නේ වේද, ආර්ය්යෝපවාද කරන්නේ වේ ද, යම් හෙයෙකින් හේ දශවිධ ව්යශනයන් අතුරෙන් අන්යතර ව්යශනයකට නො යන්නේ ය යන තෙල නො කරුණෙක, වන්නට අවකාශ ද නැත. කවර දශ දෙනෙකුන් අතුරින් යත්:
අනධිගත දහම් නොලබන්නේ ය, අධිගත දහමින් දහමින් පිරිහෙන්නේ ය, ශාසනසද්ධර්මයෝ ඔහුගේ ව්යවදානයට නො යෙති. සද්ධර්මයෙහි අධිමානික හෝ වෙයි, අනභිරත වැ සසුන් බඹසර කෙරෙයි, එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ වෙයි, දැඩි රෝගාතඞ්කයක් හෝ ස්පර්ශ කරයි, චිත්තවික්ෂේප සඞ්ඛ්යාත උමතුවට හෝ පැමිණෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත සඞ්ඛ්යාත නිරයට එළඹේ.
මහණෙනි, යම් ඒ මහණෙක් සබ්රම්සරුනට අක්රොශ හා පරිභාෂ කරන්නේ වේ ද, ආර්ය්යෝපවාද කරන්නේ වේ ද, හේ තෙල දශව්යශනයන් අතුරින් අන්යතරව්යශනයකට පැමිණෙන්නේ ය යන යමෙක් ඇත් ද තෙල කරුණ ඇති.
10. 2. 4. 9.
කෝකාලික සූත්රය
(සැවැත්)
එසඳ කෝකාලික මහණ භාග්යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් කෝකාලික මහණ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේය. “වහන්ස, සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.
කෝකාලික මහණ දෙවනවට ද භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මා හට භාග්යවතුන් වහන්සේ ශ්රද්ධාව එළවත් නමුදු ප්රත්යයික වෙත් නමුදු සැරියුත් මුගලන්හු පාපේච්ඡයහ. පාපඉච්ඡාවන්ගේ වශයට ගියහ”යි.
“කෝකාලිකය, නහමක් මෙසේ කිය, කෝකාලිකය නහමක් මෙසේ කිය, කෝකාලිකය, සැරියුත් මුගලනුන් කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන්හු පේශලයහ” යි.