10. 2. 4. 7.
අධිකරණික සූත්රය
[සැවැත්]
එකල්හි භාග්යවතුන් වහන්සේ කලන්දක මහණහු අරබයා ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළහ.
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්ණවාදී නො වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණ අධිකරණ ඇතියේ අධිකරණ සමථයාගේ වර්ණවාදී නො වේ නම් මෙ දහම ද ප්රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව පිණිස ශ්රමණ භාවය පිණිස එකි භාවය පිණිස නො වැටේ.
2. තවද මහණෙනි, මහණ ශික්ෂාකාම නො වූයේ ශික්ෂා සමාදානයෙහි ගුණ කියන්නේ නොවෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශික්ෂ්යාකාම නො වූයේ ශික්ෂාසමාදානයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහම ද ප්රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.
3. තවද මහණෙනි, මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡා විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්රිය භාවය පිණිස ගුරු භාවය පිණිස භාවනාව පිණිස ශ්රමණ භාවය පිණිස ඒකී භාවය පිණිස නො වැටේ.
4. තවද මහණෙනි, මහණ කිපෙන සුලුයේ ක්රෝධ විනයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ කිපෙන සුලුයේ ක්රෝධවිනයාගේ ගුණ නො කියන සුලුයේ වේ නම් මෙ දහමුදු ප්රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
5. තවද මහණෙනි, මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු නො වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ මකු ගුණ ඇතියේ මක්ඛවිනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
6. තවද මහණෙනි, මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ශඨ වූයේ ශඨභාව විනයයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
7. තවද මහණෙනි, මහණ මායා ඇතියේ මායා විනයයාගේ ගුණ නො කියන සුලුයේ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මායාවී වූයේ මායා විනයාගේ ගුණ නො කියන සුලු වේ නම් මෙ දහමුදු ප්රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.
8. තවද මහණෙනි, මහණ නව ලොව්තුරු දහම් නො දරන සැහැවි ඇතියේ ධර්මධාරණයෙහි ගුණ නො බණන සුලු වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මහණ ධර්මොපධාරණස්වාභාවය නැතියේ ධර්මොපධාරණයේ ගුණ නො බණන සුලු වේ නම් මෙ දහමුදු ප්රිය භාවය පිණිස ... ඒකී භාවය පිණිස නො වැටේ.