10. 2. 4. 6.
අධිමාන සූත්රය
එක් කලෙක ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවෝ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරන සේක. එ කල්හි ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණ ආයුෂ්මත් මහාකාශ්යප තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, කරණීය කෘතය, මේ අර්හත්බව පිණිස අනික් කිසෙක් නැතැ”යි දන්මි’යි අර්හත්වය ප්රකාශ කෙරෙයි. තථාගත වේවයි ධ්යාන ඇති, සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුශල පරචිත්තපර්ය්යායෙහි කුසල තථාගත ශ්රාවකයෙක් වේවයි එබඳු ඔහු අනුයෝගයට නංවයි. කරුණු ගන්වා අසයි, සමනුභාෂණා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්යාන ඇති සමාපත්ති කුශල වූ පරචිත්ත කුශල වූ පරචිත්තපර්ය්යායෙහි කුසල වූ තථාගත ශ්රාවකයකු විසින් හෝ අනුයෝගයට නංවනු ලබන්නේ කරුණු ගන්වනු ලබන්නේ සමනුභාෂණා කරණු ලබන්නේ තුච්ඡභාවයට පැමිණෙයි, නිර්ගුණ භාවයට පැමිණෙයි, අනයට පැමිණෙයි, ව්යශනයට පැමිණෛයි, අනයව්යශනයට පැමිණෙයි.
තථාගත වේවයි ධ්යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්ය්යායෙහි කුසල වූ තථාගත ශ්රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “කවර හෙයින් මේ ආයුෂ්මත් ‘ජාතිය ක්ෂීණ ය, බඹසර වැස නිමවන ලදී, සිවුමග කරණී කරන ලදී, මේ අර්හත්බව පිණිස අනික් කිසෙක් නැතැ’යි දන්මි’යි අර්හත්වය ප්රකාශ කෙරේ දැ?”යි.
තථාගත වේවයි ධ්යාන ඇති සමාපත්තියෙහි කුසල වූ පරචිත්තයෙහි කුශල වූ පරචිත්තපර්ය්යාය කුසල වූ තථාගත ශ්රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ දන්නේ ය.
මේ ආයුෂ්මත් අධිමාන ඇතියේ අධිමානය සත්ය කොට ඇත්තේ අප්රාප්තයෙහි ප්රාප්තයෙමි යනසංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානය කරණකොටගෙන ‘ජාතිය ක්ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණී කරන ලදී. මෙ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මියි අර්හත්වය ප්රකාශ කරයි.
තථාගත වේවයි ධ්යාන ඇති සමාපත්ති කුශල පරචිත්ත කුශල පරචිත්තපරියාය කුශල තථාගතශ්රාවකයෙක් වේවයි එබඳු ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර කරුණක් නිසා අධිමාන ඇතියේ අධිමානය සත්ය කොට ඇත්තේ අප්රාප්තයෙහි ප්රාප්තයෙමි යන සංඥා ඇතියේ අකෘතයෙහි කෘතයෙමි යන සංඥා ඇතියේ අනධිගතයෙහි අධිගතයෙමි යන සංඥා ඇතියේ අධිමානයෙන් ‘ජාතිය ක්ෂීණ ය, මග බඹසර වැස නිමැවිණ, සිවු මග කරණීකරන ලදී. මෙ අර්හත් බව පිණිස අන් කිසෙක් නැතැ’යි දන්මි යි අර්හත්වය ප්රකාශ කෙරේ දැ”යි.