10. 2. 4. 5.
කත්ථී සූත්රය
එක් කලෙක ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ චෙතී ජනපදයෙහි වූ සහජාතියෙහි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් මහාචුන්ද තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාචුන්ද තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අධිගමයන්හිලා කථායෙහි කුසල වූයේ විවර කොට බණනසුලු වෙයි: මම ප්රථමධ්යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ද්විතීයධ්යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම තෘතීයධ්යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම චතුර්ත්ථධ්යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකාසානඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම විඤ්ඤාණඤ්චායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි. මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි”යි.
තථාගත වේවයි ධ්යාන ඇති සමාපත්ති කුසල වූ පරචිත්තයෙහි දක්ෂ වූ පරිචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්රාවකයෙක් වේවයි ඔහු අනුයෝගවතට නංවයි, කරුණු ගන්වා අසයි. සමනුභාසනා කරයි. හේ තථාගතයන් විසින් හෝ ධ්යාන ඇති සමාපත්තියෙහි දක්ෂ පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෙහි ඡේක වූ තථාගත ශ්රාවකයකු විසින් හෝ අනුයෝගවතට නංවනු ලබනුයේ කරුණු ගන්වනු ලබනුයේ සමනුභාසනා කරුණු ලබනුයේ සිප් බවට පැමිණෙයි. නිර්ගුණ භාවයට පැමිණෙයි. හානියට පැමිණෙයි. ව්යසනයට පැමිණෙයි. අනයව්යසනයට පැමිණේ.
තථාගත වේවයි ධ්යාන ඇති සමාපත්තියෙහි දක්ෂ පරසිත්හි දක්ෂ පරචිත්තපර්ය්යායෙහි ඡේක වූ තථාගත ශ්රාවකයෙක් වේවයි ඔහු මෙසේ සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි: “මේ ආයුෂ්මත් කවර හෙයින් අධිගමයන්හිලා කථායෙහි දක්ෂ වූයේ විවර කොට බණන සුලු වේ” ද “මම ප්රථමධ්යානයට සමවදනෙම් ද ඉන් නැගී සිටින්නෙම් ද වෙමි යි ... මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනෙම් ද ඉන් නැගී සිටුනෙම් ද වෙමි” යි.
තථාගත වේවයි දැහැන් ඇති සමවත් හි කුසල පරසිත්හි කුසල පරචිත්තපරියායෙහි කුසල තථාගත ශ්රාවකයෙක් වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ දන්නේ ය:
1. මේ ආයුෂ්මත් දීර්ඝරාත්රියෙහි ශීලයෙහි ඛණ්ඩකාරීය, ඡිද්රකාරීය, කල්මාෂකාරීය, සන්තතකාරී නො වෙයි. සතතප්රවෘත්ති ඇතියේ ත් නො වෙයි. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, තෙල දෞශ්ශීලය්යය තථාගතප්රවිදිත විනයෙහි පිරිහිනෙක.
2. මේ ආයුෂ්මත් ශ්රද්ධා නැත්තේ ය. තෙල ශ්රද්ධා රහිත බව තථාගත තථාගතප්රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
3. මේ ආයුෂ්මත් අල්පශ්රැත වූයේ ආචාර නැත්තේ ය. තෙල අල්පශ්රැතය තථාගත තථාගතප්රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
4. මේ ආයුෂ්මත් දුර්වචය, තෙල දුර්වචභාවය තථාගතප්රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
5. මේ ආයුෂ්මත් පාපමිත්රය, තෙල පාපමිත්රතාව තථාගතප්රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.
6. මේ ආයුෂ්මත් කුසීතයෙක, තෙල කුසීත භාවය තථාගතප්රවිදිත ධර්ම විනයෙහි පිරිහිනෙක.