10. 2. 4. 3.
පුණ්ණිය සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් පුණ්ණිය කෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, යම් හෙයකින් කිසි කලෙක තථාගතයනට ධර්‍මදේශනාව වටහා නම් කිසි කලෙක නො වටහා නම් හේතු කවර ප්‍රත්‍යය කවර යැ?”
පුණ්ණිය, මහණ සැදැහැතියේ ද වෙයි. නො ද වෙත එළඹෙන සුලු වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ම වටහයි. පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේ ද වෙත එළඹෙන සුලු ද වේ නම් මෙසේ තථාගතයනට ධර්‍ම දේශනාව වැටහෙයි.
පුණ්ණිය, මහණ සැදැහැතියේත් වෙත එළඹෙන සුලුත් වෙයි, නො ද පර්‍ය්‍යුපාසනා කෙරෙයි ... පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් වෙයි, නො ද පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. පරිපෘච්ඡා කරණ සුලුත් වෙයි. නොද අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය අසයි. අවහිත ශ්‍රෝත ඇතියේ ධර්‍මය ද අසයි, අසා දහම් නො දරයි. අසා ධර්‍මයත් දරයි, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නො ද පිරික්සයි. ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථයත් පිරික්සයි, අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන නො ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වෙයි. අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද වෙයි, නො ද කලණ තෙපුල් ඇතියේ නො ද කල්‍යාණ වාක්කරණ (මිහිරි කටහඬ) ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරුණු තෙපුලින් නො ද සමන්‍වාගත වූයේ වෙයි. කලණ වදන් ඇතියේ කල්‍යාණ වාක්කරණ ඇතියේ පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් වදනින් සමන්‍වාගත වූයේ ද වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරවන සමුත්තේජනා කරවන සම්ප්‍රහංසනා කරවන සන්‍දර්‍ශක නො ද වෙයි. ඒ තාක් තථාගතයනට ධර්‍ම දේශනාව නො ද වැටහෙයි.
පුණ්ණිය, යම් කලෙක මහණ සැදැහැතියේත් එළැඹෙන සුලුත් පර්‍ය්‍යුපාසනා කරණ සුලුත් පුළුවුස්නේත් වේ ද, අවහිත ශ්‍රෝත ඇතියේ දහම් අසා ද, අසාත් දහම් දරා ද, ධෘත ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා ද, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ද වෙයි. පළිබෝධ රහිත නිදොස් අරුත් හඟවන පිරිපුන් තෙපුලින් සමන්‍වාගත වූයේ කල්‍යාණවාක් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරණුයේ සමුත්තේජනා කරණුයේ සම්ප්‍රහර්‍ෂණා කරණුයේ සන්‍දශර්‍ක ද වෙයි. මෙසේ තථාගතයනට ධර්‍ම දේශනා වටහයි. පුණ්ණිය, මේ දස කරුණින් සමන්‍වාගත වූ ධර්‍ම දේශනාව තථාගතයනට ඒකාන්ත ප්‍රතිභාන ඇති වේ යයි.
10. 2. 4. 4.
බ්‍යාකරණ සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ හ. “ඇවැත්නි”යි ඒ මහණහු ආයුෂ්මත් මහමුගලන් තෙරුනට පිළිවදන් ඇස්වූ හ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කරුණ කීහ:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ “ජාතිය ක්‍ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, සිවුමඟ කරණ ලද, මෙ බව පිණිස අනෙකක් නැතියි දන්මි”යි අර්‍හත්‍වය පවසයි. තථාගත වේවයි සමාපත්ති කුසලවූ පරසිත් දැන්මෙහි කුසල වූ පරචිත්තපර්‍ය්‍යායයෙහි කුසල වූ තථාගත ශ්‍රාවක වේවයි ඔහු අනුයෝගවතට නංවයි, සමනුගාහනා කරයි. ලබ්ධියෙහි පිහිටු වයි. සමනුභාසනා කරයි, කරුණු විචාරයි. හේ තථාගතයන් විසින් වේවයි ධ්‍යාන ඇති සමාපත්තියෙහි කුසල පරචිත්තයෙහි කුසල පරචිත්තපරියායෛහි කුසල තථාගත ශ්‍රාවකයකු විසින් වේවයි අනුයෝගවතට නංවන ලදුයේ සමනුග්‍රාහ කරනු ලබන්නේ සමනුභාසනා කරනු ලබන්නේ සිස් බවට පැමිණෙයි. නිර්ගුණභාවයට පැමිණෙයි, හානියට පැමිණෙයි, වනසට පැමිණෙයි, අනයව්‍යසනයට පැමිණේ.
තථාගත වේවයි දැහැන් ඇති සමවත්හි දක්‍ෂ වූ පරසිත් දැනුම්හි දක්‍ෂ වු පරචිත්තපර්‍ය්‍යාය කුසල වු තථාගතශ්‍රාවක වේවයි මෙසේ ඔහු සිතින් සිත පිරිසිඳ මෙනෙහි කරයි.