10. 2. 4. 2.
ආනන්ද සූත්රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්හට භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් ශ්රද්ධා නැතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
2. ආනන්දයෙනි, එ මහණ එකැතින් දුසිල් වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
3. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් අල්පශ්රැත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
4. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් දුර්වච වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
5. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් පවිටු මිතුරන් ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
6. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් කුසීත වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
7. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් මුළාසිහි ඇතියේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
8. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් අසන්තුෂ්ට වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
9. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් පාපේච්ඡ වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.
10. ආනන්දයෙනි, එ මහණ එකැතියෙන් මිථ්යාදෘෂ්ටික වූයේ ම මෙ සස්නෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්යයට පැමිණෙන්නේය යන තෙල කරුණ විද්යමාන නො වෙයි.