10. 2. 3. 5.
මිගසාලා සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවස කරා එළඹියහ. එලඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියා. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හුනු, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කරුණ සැළ කළා:
වහන්ස, ආනන්දයෙනි, යම් ම ධර්මයක බ්රම්සැරිත් අබ්රම්සැරිත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් භාග්යවතුන් වහන්සේ විසින් මේ ධර්මය කිසෙයින් කිසෙයින් දතයුතු කොට දෙසන ලද්දේ ද? වහන්ස, පුරාණ නම් වූ ම පිය ග්රාමධර්ම වූ මෛථුනයෙන් වැළකියේ දුරුවූයේ බ්රහ්මචාරී විය. හේ සකෘදාගාමීසත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිත දේවකායේහි උපනැයි භාග්යවතුන් වහන්සේ විසින් ව්යාකෘත ය. වහන්ස, මාගේ සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්ගෙන් තුෂ්ට වූයේ අබ්රහ්මචාරී විය. හේ ද සකෘදාගාමී සත්ත්වවූයේ කලුරිය කළේ තුෂිත දේවකායෙහි උපනැයි භාග්යවතුන් වහන්සේ විසින් ව්යාකෘත ය.
වහන්ස, ආනන්දයෙනි, යම් ධර්මයෙක්හි බ්රහ්මචාරීත් අබ්රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් මේ ධර්මය කෙසේ කෙසේ දතයුතු කොට භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? බුහුන තෙල භාග්යවතුන් වහන්සේ විසින් මෙපරිදි ම ව්යාකෘත වේ යි.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මිගසාලා උවැසියන්ගේ නිවෙස්නෙහි පිඬුවා ගෙන හුනස්නෙන් නැගී ගියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසුබත පිඬුවායෙන් පෙරළා ආවාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවෙස්නට ගියෙමි, පැනවූ අස්නෙහි හුන්මි. වහන්ස, එකල්හි මිගසාලා උපාසිකාව මා කරා එළැඹියා. එළඹ මා සකසා වැඳ එකත්පස්ව හුණු. වහන්ස, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා මට තෙල සැළ කළා:
වහන්ස, යම් ම ධර්මයෙක්හි බ්රහ්මචාරීත් අබ්රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්මය භාග්යවතුන් වහන්සේ විසින් කෙසේ කෙසේ නම් දතයුතු කොට දෙසන ලද ද? වහන්ස, පුරාණ නම් ම පිය ග්රාමධර්ම වූ මෛථුනයෙන් වැළකියේ, වෙන් වූයේ, බ්රහ්මචාරී විය. හේ සකෘදාගාමී සත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්යවතුන් වහන්සේ විසින් ව්යාකෘතය. වහන්ස, මා සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්තුෂ්ට වූයේ අබ්රහ්මචාරී විය. හෙ ද සකෘදාගාමී සත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිතකායයෙහි උපනැයි භාග්යවතුන් වහන්සේ විසින් ව්යාකෘත ය.
වහන්ස, යම් ම ධර්මයක බ්රහ්මචාරීත් අබ්රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සම ගතික වෙත් නම් මේ ධර්මය කෙසේ කෙසේ නම් අඥේය කොට භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? වහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උපාසිකාවට තෙල කීමි: “බුහුන, භාග්යවතුන් වහන්සේ විසින් තෙල එසේම වදාරන ලදැ” යි.
ආනන්දය, බාල වූ අව්යක්ත වූ ස්ත්රීප්රඥා ඇති මාගමක් වන මිගසාලා උපාසිකා කවර? පුරුෂ
පුද්ගලයන්ගේ පරාවරඥානයෙහි ලා (සම්මාසම්බුදු වරයෝ) කවරහ?
1. ආනන්දයෙනි, මෙලොව්හි අන්යතර පුද්ගලයෙක් දුස්සීල වෙයි. ඒ ඵලසමාධි ඵලප්රඥා ද ඇතිසැටි නොදන්නේය. යම් මාර්ගයක ඔහුගේ ඒ දෞශශීල්යය අනවශේෂ කොට නිරුද්ධ වේ නම් ඔහු විසින් එය ශ්රවණයෙනුදු නො අසන ලද වෙයි. බාහුශ්රැත්යයෙනුදු නො හසළ වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදුනා ලද වෙයි. සාමයික වූ ද (ප්රීතිප්රාමෝද්යසඞ්ඛ්යාත) විමුක්තිය නො ලබයි. හේ කාබුන් මරණින් මතු හානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වේ.