10. 2. 3. 4.
වඩ්ඪි සූත්රය
(සැවැත්)
මහණෙනි, වෘද්ධි දශයකින් වැඩෙන අරීසවු ආර්ය්යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්ත්ථය ගන්නා සුලුත් වෙයි. කවර දසයෙකින යත්:
ක්ෂේත්රවාස්තුයෙන් වැඩෙයි. ධනධ්යානයෙන් වැඩෙයි. පුත්රදාරයන්ගෙන් වැඩෙයි. දස් කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. චතුෂ්පදීන්ගෙන් වැඩෙයි. ශ්රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්රැතයෙන් වැඩෙයි. ත්යාගයෙන් වැඩෙයි. ප්රඥායෙන් වැඩෙයි. මහණෙනි, මේ දශවෘද්ධියෙන් වැඩෙන අරීසවු ආර්ය්යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්ත්ථය ගන්නා සුලුත් වෙයි.
1. මෙ ලොව්හි යමෙක් ධනධ්යානයෙනුදු පුත්රදාරයන්ගෙනුදු චතුෂ්පදීන්ගෙනුදු වැඩේ නම් වැලිත් නෑයන් විසිනුදු මිතුරන් විසිනුදු රජුන් විසිනුදු පුදන ලද හේ භෝගවත් වූයේ යශස්වී වෙයි.
2. මෙලොව්හි යමෙක් ශ්රද්ධායෙනුදු ශීලයෙනුදු ප්රඥායෙනුදු ශ්රැතයෙනුදු වැඩේ නම් එබඳු විචක්ෂණ ඒ සත්පුරුෂයා ඉහාත්මයෙහි ම උභයාර්ත්ථයෙන් වැඩෙන්නේ යි.
10. 2. 3. 5.
මිගසාලා සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු රැගෙන මිගසාලා උවැසියගේ නිවස කරා එළඹියහ. එලඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන් කරා එළඹියා. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හුනු, එකත්පස්ව හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කරුණ සැළ කළා:
වහන්ස, ආනන්දයෙනි, යම් ම ධර්මයක බ්රම්සැරිත් අබ්රම්සැරිත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් භාග්යවතුන් වහන්සේ විසින් මේ ධර්මය කිසෙයින් කිසෙයින් දතයුතු කොට දෙසන ලද්දේ ද? වහන්ස, පුරාණ නම් වූ ම පිය ග්රාමධර්ම වූ මෛථුනයෙන් වැළකියේ දුරුවූයේ බ්රහ්මචාරී විය. හේ සකෘදාගාමීසත්ත්ව වූයේ කලුරිය කළේ තුෂිත දේවකායේහි උපනැයි භාග්යවතුන් වහන්සේ විසින් ව්යාකෘත ය. වහන්ස, මාගේ සුළුපිය ඉසිදත්ත ස්වදාරසන්ගෙන් තුෂ්ට වූයේ අබ්රහ්මචාරී විය. හේ ද සකෘදාගාමී සත්ත්වවූයේ කලුරිය කළේ තුෂිත දේවකායෙහි උපනැයි භාග්යවතුන් වහන්සේ විසින් ව්යාකෘත ය.
වහන්ස, ආනන්දයෙනි, යම් ධර්මයෙක්හි බ්රහ්මචාරීත් අබ්රහ්මචාරීත් යන දෙදෙන පරලොව්හි සම සමගතික වෙත් නම් මේ ධර්මය කෙසේ කෙසේ දතයුතු කොට භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලද ද? බුහුන තෙල භාග්යවතුන් වහන්සේ විසින් මෙපරිදි ම ව්යාකෘත වේ යි.