10. 2. 3. 3.
ඉට්ඨධම්ම සූත්රය
(සැවැත්)
මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මේ ධර්ම දශදෙනෙක් ලොව්හි දුර්ලභයහ, කවර දශදෙනෙක යත්:
ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භෝගයෝ ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ වර්ණය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ආරෝග්ය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ශීලය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ බ්රහ්මචර්ය්ය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප මිත්රයෝ ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප බාහුශ්රැත්යය ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ප්රඥාව ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ධර්මයෝ ලොව්හි දුර්ලභයහ. ඉෂ්ට කාන්ත මනාප ස්වර්ගයෝ ලොව්හි දුර්ලභයහ.
මහණෙනි, මෙ දසදහම්හු ඉෂ්ට කාන්ත මනාප වූවාහු ලොව්හි දුර්ලභයහ.
මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ වූ මේ දශධර්මයනට උවදුරු දහම් දස දෙනෙකි: ආලස්යය අනුත්ථානය භෝගයනට උවදුරෙක. අමණ්ඩනය හා අභූෂණය වර්ණයට උවදුරෙක. අසත්ප්රායක්රියාව ආරෝග්යයට උවදුරෙක. පාපමිත්රතාව ශීලයනට උවදුරෙක. ඉන්ද්රිය අසංවරය බ්රහ්මචර්ය්යයට උවදුරෙක. විසංවාදනාව මිත්රයනට උවදුරෙක. අසධ්යායක්රියාව බහුශ්රුත බවට උවදුරෙක. අශුශ්රෑෂාව හා අපරිපෘච්ඡාව ප්රඥාවට උවදුරෙක. අනනුයෝගය හා අප්රත්යවේක්ෂණාව ධර්මයනට උවදුරෙක. මිථ්යාප්රතිපත්තිය ස්වර්ගයනට උවදුරෙකි.
මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ වූ මේ දශ ධර්මයන්ට මේ දශ ධර්මයෝ උවදුරු වෙත්.
මහණෙනි, ලොව්හි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්ලභ වූ මේ දශ ධර්මයන්ට දශ ධර්මකෙනෙක් ප්රත්යය වෙත්: අනාලස්යය හා උත්ථානය භෝගයනට ප්රත්යය යි, මණ්ඩනා හා විභූෂණාව වර්ණයට ප්රත්යය යි, සත්ප්රායක්රියාව ආරෝග්යයට ප්රත්යය යි, කල්යාණමිත්රතාව ශීලයනට ප්රත්යය යි, ඉන්ද්රියසංවරය බ්රහ්මචර්ය්යයට ප්රත්යය යි, අවිසංවාදනාව මිත්රයනට ප්රත්යය යි, සද්ධ්යායක්රියාව බහුශ්රුත බවට ප්රත්යය යි, සුශ්රෑෂාව හා පරිපෘච්ඡාව ප්රඥාවට ප්රත්යය යි, අනුයෝගය හා ප්රත්යවේක්ෂණාව ධර්මයනට ප්රත්යය යි, සම්යක්ප්රතිපත්තිය ස්වර්ගයනට ප්රත්යය යි.
මහණෙනි, ලොව්හි ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ වූ මේ දශ ධර්මයනට දශ මේ දශධර්මයෝ ප්රත්යයහ යි.
10. 2. 3. 4.
වඩ්ඪි සූත්රය
(සැවැත්)
මහණෙනි, වෘද්ධි දශයකින් වැඩෙන අරීසවු ආර්ය්යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්ත්ථය ගන්නා සුලුත් වෙයි. කවර දසයෙකින යත්:
ක්ෂේත්රවාස්තුයෙන් වැඩෙයි. ධනධ්යානයෙන් වැඩෙයි. පුත්රදාරයන්ගෙන් වැඩෙයි. දස් කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙයි. චතුෂ්පදීන්ගෙන් වැඩෙයි. ශ්රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්රැතයෙන් වැඩෙයි. ත්යාගයෙන් වැඩෙයි. ප්රඥායෙන් වැඩෙයි. මහණෙනි, මේ දශවෘද්ධියෙන් වැඩෙන අරීසවු ආර්ය්යවෘද්ධියෙන් වැඩෙයි. ශරීරයාගේ සාරය ගන්නා සුලු වෙයි. උත්තමාර්ත්ථය ගන්නා සුලුත් වෙයි.