10. 2. 2. 9.
පඨම කථාවත්ථු සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි බොහෝ භික්ෂූහු පසුබත පිඬුවායෙන් වැළකියාහු වටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදුනාහු වාසය කරත්. ඒ කවර යත්: “රාජකථා ය, චෝරකථා ය, මහාමාත්යකථා ය, සේනාකථා ය, භයකථා ය, යුද්ධකථා ය, අන්නකථා ය, පානකථා ය, වස්ත්රකථා ය, ශයනකථා ය, මාලාකථා ය, ගන්ධකථා ය, ඥාතිකථා ය, යානකථා ය, ග්රාමකථා ය, නිගමකථා ය, නගරකථා ය, ජනපදකථා ය, ස්ත්රීකථා ය, පූර්වප්රේතකථා ය, නානාත්මකකථා ය, ලෝකඛ්යායිකථා ය, සමුද්රාඛ්යායිකථා ය, ඉතිභවාභවකථා ය, මෙසේ හෝ” යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස්වරුයෙහි පිළිසලණින් නැගුණාහු වටන්හල් කරා එළඹියහ. එළඹ පැනවූ අස්නෙහි හුන්හ. හිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි මෙකල කවර කථායෙකින් යුක්තව රැස්ව හුන්නහු ද? කවර නම් කථායෙක් තොප විසින් අඩාළ කරනලද ය? වහන්ස, පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියමෝ අපි මේ වටන්හල්හි රැස්ව හුන්නමෝ අනේකවිධ තිරශ්චීන කථායෙහි යෙදුනමෝ වාසය කරම්හ. ඒ කවර යත්: රාජකථාය, .... චෝර කථාය ... ඉතිභවාභවකථා ය, මෙසේ හෝ”යි.
මහණෙනි, ගෙන් නික් ම අනගාරිය ශාසනයෙහි පැවිදි වු කුලපුත්ර තොපට ප්රතිරූප නො වේ ම ය. යම් හෙයෙකින් තෙපි අනේකවිහිත වූ තිරශ්චීන කථායෙහි යෙදුනහු වාසය කරත් නම් - ඒ කවරය යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්ය කථා ය, සේනාකථා ය, භයකථා ය, යුද්ධකථා ය, අන්නකථා ය, පානකථා ය, වස්ත්රකථා ය, ශයනකථා ය, මාලාකථා ය, ගන්ධකථා ය, ඥාතිකථා ය, යානකථා ය, ග්රාමකථා ය, නිගමකථා ය, නගරකථා ය, ජනපදකථා ය, ස්ත්රීකථා ය, ශූරකථා ය, විසිඛාකථා ය, කුම්භස්ථානකථා ය, පූර්වප්රේතකථා ය, නානාත්වකථා ය, ලොකඛ්යායිකා ය, සමුද්රාඛ්යායිකා ය, ඉතිභවාභවකථා ය” යන මේ යි.
මහණෙනි, මේ කථාවස්තු දශයෙක. කවර දශයෙක යත්: අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යි. මහණෙනි, මේ දශකථාවස්තූහු යි.
මහණෙනි, ඉදින් තෙපි මේ දශකථාවස්තූන්ගෙන් කථාවක් ගෙන කියන්නහු නම්, මෙසේ මහර්ධි ඇති මෙසේ මහානුභාව ඇති මේ චන්ද්රසූර්ය්යයන්ගේ ද තෙද සිය තෙදින් මැඩගෙන සිටුනාහු ය. අන්තොටු පිරිවැජියන් පිළිබඳ කවර කථා යැ?යි.
10. 2. 2. 10.
දුතිය කථාවත්ථු සූත්රය
එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි බොහෝ භික්ෂූහු පසුබත පිඬුවායෙන් පෙරළා පැමිණියාහු උවටන්හල්හි රැස්ව හුන්නාහු අනේකවිධ තිරශ්චීන කථායෙහි ඇලුණාහු වාසය කරත්. ඒ කවර යත්: රාජකථා ය, චෝරකථා ය, මහාමාත්රකථාය, -පෙ- ඉතිභවාභවකථාය යි.
1. මහණෙනි, මේ ප්රශංසාවහ කරුණු දසයෙකි. කවර දසයෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ද අල්පේච්ඡ වෙයි. අල්පේච්ඡ කථාත් භික්ෂූන්ට කරන්නේ වේ යයි තෙල කරුණ ප්රශංසාවහ වේ.
2. තෙමේත් සතුටු වූයේ වෙයි. සන්තුෂ්ටිකථාව භික්ෂූන්ට කරනුයේත් වෙයි. “මහණ සතුටු වූයේ සන්තුෂ්ටිකථාව භික්ෂූන්ට කරන්නේ ය” යන තෙල කරුණ ප්රශංසාවහ වේ.