10. 2. 2. 6.
දුතිය සුඛ සූත්‍රය
එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ ජනපදයෙහි නාලක ගාමකයෙහි වාසය කරන්නාහ. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හින. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීය: “ඇවැත්. ශාරීපුත්‍රයෙනි, මෙ ධර්‍මවිනයෙහි සුඛ නම් කිමෙක? දුක්ඛ නම් කිමෙකැ”යි.
ඇවැත්නි, මෙ ධර්‍මවිනයෙහි අනභිරතිය දුක්ඛ ය, අභිරතිය සුඛ ය. ඇවැත්නි, අනභිරතිය ඇතිවත් ම මෙ දුක්ඛ ය කැමැති විය යුතු: යනුයේ ද සුඛයක් සාතයක් නො ලබනේ ය, සිටියේ ද ... හුන්නේ ද … හෝනේ ද ... ගම්බටුයේ ද ... වලට ගියේ ද ... රුක්මුලට ගියේ ද ... ශූන්‍යෘගාරයට ගියේ ද ... අබවසට ගියේ ද ... මහණුන් මැදට ගියේ හෝ සුඛයක් සාතයක් නො ලබනේ ය. ඇවැත්නි, අනභිරතිය ඇතිවත් ම මෙ දුක කැමැති විය යුතු.
ඇවැත්නි, අභිරතිය ඇතිවත් ම මෙ සුඛය කැමැති විය යුතු: යනුයේ ද, සුඛය සාතය ලබනේ ය. සිටියේ ද ... හුන්නේ ද ... හෝනේ ද ... ගම්බටුයේ ද ... වලට ගියේ ද ... රුක්මුලට ගියේ ද ... ශූන්‍යෘගාරයට ගියේ ද … අබවසට ගියේ ද ... මහණුන් මැදට ගියේ ද සුඛය සාතය ලබනේ ය. ඇවැත්නි, අභිරතිය ඇති වත් ම මෙ සුඛ කැමැති විය යුතුයි.
10. 2. 2. 7.
පඨම නළකපාන සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකා කරනසේක් මහබික්සඟුන් සමග කෝසලයන්ගේ නළකපාන නම් නියම් ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ නළකපානය අසල වූ පලාස වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එදවස්හි බික්සඟුන් විසින් පිරිවරන ලද සේක් හුන්නාහු වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා සමුත්තේජන සම්ප්‍රහර්‍ෂණය කොට තුෂ්ණීම්භූත වූ බික්සඟුන් අනුවිලෝකනය කොට ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක.
“ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝයා පහවූ ථිනමිද්ධ ඇතියේ ය. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂූන් සඳහා ධාර්මික කථාව තොපට වැටහේ නම් මනා මැනු. මා පිට රද නැහෙයි. ඒ මම් සන්හිඳු වන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.