6. 4.
1. අනදර පිණිස නො සකස් වැ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස තැනැ තැනැ හනා පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස සූපය ම බෙහෙවින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස බත මුදුනෙන් මැඩ පිඬුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස සූපය හෝ ව්‍යඤ්ජනය හෝ බතින් වසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස සූපය හෝ බත හෝ නො ගිලන් වැ තමා උදෙසා විනවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස කිපිසිත් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස (මොනර බිජුවට සා) මහත් කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස දිගු කොට පිඬු කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
සිවුවැනි පිණ්ඩපාත වර්‍ග යි.
6. 5.
1. අනදර පිණිස පිඬු මුවදොරට නො එළවූ කල්හි මුව විවර කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස අත හැම (ඇඟිලි) මියෙහි බහමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස පිඬු සහිත මුවෙන් කථා කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස පිඬු මියෙහි නඟනඟා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස පිඬු කඩ කඩා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස කොපුලා පිඬු රැස් කොට වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස අත සල සලා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස “චපු චපු” යන හඩ නඟමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
පස්වැනි කබල වර්‍ග යි.