2. 6.
සේඛියාකාණ්ඩය
6. 1.
1. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳනා මහණ කෙතෙක් ඇවතට පැමිණේද යත්: අනදර පිණිස ඉදිරිපසින් හෝ පසු පසින් හෝ එල්වමින් හඳනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳින මහණ මේ එක් ඇවැතට පැමිණේ.
2. අනදර පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස කය විවෘත කොට ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස අත හෝ පය හෝ කෙළවමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
7. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස (එක් පසෙකින් හෝ දෙපසින් හෝ) නඟන ලද සිවුරු ඇති වැ ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
පළමුවැනි පරිමණ්ඩල වර්‍ග යි.
6. 2.
1. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස මහසිනාවෙන් යුතු වැ ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවැතට යි.
4. අනදර පිණිස උස්හඬ මහහඬ නඟමින් අතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස කය සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස කය සලමින් ඇතුළුගමැ හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස කොඬ (උරහිස) සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස කොඬ සලමින් ඇතුළුගම හිඳුනා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස හිස සලමින් ඇතුළුගම් වදින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස හිස සලමින් ඇතුළුගමැ හිඳින මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
දෙවැනි උජ්ජග්ඝික වර්‍ග යි.