6. 5.
1. අනදර පිණිස පිඬු මුවදොරට නො එළවූ කල්හි මුව විවර කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස අත හැම (ඇඟිලි) මියෙහි බහමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස පිඬු සහිත මුවෙන් කථා කරණ මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස පිඬු මියෙහි නඟනඟා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස පිඬු කඩ කඩා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස කොපුලා පිඬු රැස් කොට වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස අත සල සලා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස හුලු විසුරුවා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස දිව නෙර නෙරා වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස “චපු චපු” යන හඩ නඟමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
පස්වැනි කබල වර්‍ග යි.
6. 6.
1. අනදර පිණිස “සුරු සුරු” යන හඬ නඟමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස අත ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස (එක් ඇඟිල්ලකිනුදු) පාත්‍රය ලොවමින් වළඳන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස තොල් ලොවමින් වළඳන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන් මලාව පිළිගන්නා මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවි දිය ඇතුළුගමැ හෙළන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
7. අනදර පිණිස සත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් - දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
9. අනදර පිණිස කඩු ඈ සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
10. අනදර පිණිස (දුනු ඈ) අවි ගත් අත් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැත කට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
සවැනි සුරුසුරු වර්‍ග යි.
6. 7.
1. අනදර පිණිස පය ලූ මිරිවැඩි ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
2. අනදර පිණිස පය ලූ වහන් ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
3. අනදර පිණිස යානයෙහි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
4. අනදර පිණිස යහන්හි හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවැතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
5. අනදර පිණිස අකවටු අවුලුවා හුන්නහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.
6. අනදර පිණිස වෙළන ලද හිස ඇත්තහුට දහම් දෙසන මහණ එක් ඇවතකට පැමිණෙයි: දුකුළා ඇවතට යි.