3. 2.
1. තිහිරි හූ මුසු ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟිපචිති වේ.
2. සුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
3. හෙල එළුලොම් කොටසක් ද කිඹුල්වත් එළුලොම් කොටසක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
4. වසක් පාසා ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
5. පැරැණි ඇතිරියක අවටින් සුගත් වියතක් පමණ තැන් නොගෙණ අලුත් නිසදුන් ඇතිරියක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවානම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
6. එළුලොම් පිළිගෙණ තුන් යොදුනක් ඉක්මවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය තුන්යොදුන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් නිසඟි පචිති වේ.
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් ධෝවන කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි. දෙවූ කල්හි නිසඟිපචිති වේ.
8. රන් රිදී මසු කහවණු පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණි නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟිපචිති වේ.
9. නන් වැදෑරුම් කැපවතින් මිළ මුදල් පෙරැළි කොට ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පෙරැළි කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙරැළි කළ කල්හි නිසඟි පචිති වේ.
10. නන් වදෑරුම් ගණු දෙනු කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණු දෙනු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ගණු දෙනු කළ කල්හි නිසඟි පචිති වේ.
දෙවන කෝසිය වර්‍ග යි.
3. 3.
1. (නො ඉටූ නො විකැපු) අතිරේක පාත්‍රයක් දසදිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
2. උනුපස්බාන් පාත්‍රයකින් යුත් මහණ අනික් අළුත් පාත්‍රයක් විනවා ගන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
3. බෙහෙත් පිළිගෙණ සත් දිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
4. අතිරේක මාසයක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළු සිවුර සොයන මහණ දෙඇවැතකට පැමිණෙයි: සොයා නම් පියෝහි දුකුළා වෙයි, සොයා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. මහණක්හට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටුසිත් ඇත්තේ අසිඳ ගන්නා මහණ දෙ ඇවතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත් කල්හි නිසඟි පචිති වේ.
6. තෙමේ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වියවා නම් පියෝහි දුකුළා වෙයි, වියවූ කල්හි නිසඟි පචිති වේ.
7. පෙහෙරුන් වෙත එළඹ නො නැ ගැහැවියකුගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන පෙරැ නො පවරණ ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
8. ඉක්මන් සිවුරක් පිළිගෙණ විචරකාලසමය ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
9. තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් ඉන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
10. සඟනට පිරිණමන ලද සඟසතු චීවරාදී ලාභයක් දැන දැන තමහට නතුකර ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි, පිරිණැමවූ කල්හි නිසඟි පචිති වේ.
තෙ වන පත්තවර්‍ග යි.
තිස් නිසඟි පචිති නිමි.