2. 3.
නිස්සග්ගිය කාණ්ඩය
3. 1.
1. (නො ඉටු නො විකැපු) අතිරේක චීවරයක් දස දිනක් ඉක්මවන මහණ එක් නිසගි පචිති ඇවතකට පැමිණේ.
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
3. අයල් සිවුරක් පිළිගෙණ මසක් ඉක්මවන මහණ එක් නිසඟිපචිති ඇවැතකට පැමිණේ.
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් ධෝවන කර වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි, ධෝවන කරවා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟි පචිති වේ.
6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්ලා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත්කල්හි නිසඟි පචිති වේ.
7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ ඉන් වැඩි සිවුරක් විනවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
8. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
9. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
10. තෙවරකින් වැඩි චෝදනාවෙන් ද සවරකින් වැඩි උදෙසා සිටීමෙන් ද සිවුරක් නිපදවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නිපදවා නම් පියෝහි දුකුළා වෙයි, නිපදවා ගත් කල්හි නිසඟි පචිති වේ.
පළමුවන කඨින වර්‍ග යි.
3. 2.
1. තිහිරි හූ මුසු ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟිපචිති වේ.
2. සුදු කළු එළුලොමින් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
3. හෙල එළුලොම් කොටසක් ද කිඹුල්වත් එළුලොම් කොටසක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
4. වසක් පාසා ඇතිරියක් කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
5. පැරැණි ඇතිරියක අවටින් සුගත් වියතක් පමණ තැන් නොගෙණ අලුත් නිසදුන් ඇතිරියක් කරවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කරවානම් පියෝහි දුකුළා වෙයි, කරවූ කල්හි නිසඟි පචිති වේ.
6. එළුලොම් පිළිගෙණ තුන් යොදුනක් ඉක්මවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය තුන්යොදුන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් නිසඟි පචිති වේ.
7. නො නෑ මෙහෙණක ලවා එළුලොම් ධෝවන කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි. දෙවූ කල්හි නිසඟිපචිති වේ.