3. 3.
1. (නො ඉටූ නො විකැපු) අතිරේක පාත්‍රයක් දසදිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
2. උනුපස්බාන් පාත්‍රයකින් යුත් මහණ අනික් අළුත් පාත්‍රයක් විනවා ගන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
3. බෙහෙත් පිළිගෙණ සත් දිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
4. අතිරේක මාසයක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළු සිවුර සොයන මහණ දෙඇවැතකට පැමිණෙයි: සොයා නම් පියෝහි දුකුළා වෙයි, සොයා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. මහණක්හට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටුසිත් ඇත්තේ අසිඳ ගන්නා මහණ දෙ ඇවතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත් කල්හි නිසඟි පචිති වේ.
6. තෙමේ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වියවා නම් පියෝහි දුකුළා වෙයි, වියවූ කල්හි නිසඟි පචිති වේ.
7. පෙහෙරුන් වෙත එළඹ නො නැ ගැහැවියකුගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන පෙරැ නො පවරණ ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
8. ඉක්මන් සිවුරක් පිළිගෙණ විචරකාලසමය ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
9. තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් ඉන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
10. සඟනට පිරිණමන ලද සඟසතු චීවරාදී ලාභයක් දැන දැන තමහට නතුකර ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි, පිරිණැමවූ කල්හි නිසඟි පචිති වේ.
තෙ වන පත්තවර්‍ග යි.
තිස් නිසඟි පචිති නිමි.
2. 4.
පාචිත්තිය කාණ්ඩය
4. 1.
1. දැන දැන මුසවා කියන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන මුසවා කියන මහණ පස් ඇවැතකට පැමිණෙයි: ලාමක අදහස් ඇති වැ එයින් මඩනා ලදු වැ තමා කෙරෙහි අවිද්‍යමාන වූ, නොවූ උතුරු මිනිස්දම් තමා වෙත ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මුල් නැති පරිජි ඇවැතකින් මහණක්හට චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, “යම් මහණෙක් තොපගේ විහාරයෙහි වෙසේ ද, ඒ මහණ රහත්ය” යි දැනුමැතියක්හට කියා නම් ථුලැසි ඇවැත් වෙයි, නො දැනුමැතියක්හට කියා නම් දුකුළා ඇවැත් වෙයි. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ. දැන දැන මුසවා කියන මහණ මේ පස් ඇවැතට පැමිණේ.
2. (ජාත්‍යාදියෙන්) ගටා බණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
3. පෙහෙසුන් බස් එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක් හට පෙහෙසුන් බස් එළවා නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට පෙහෙසුන්බස් එළවා නම් දුකුළා ඇවැත් වේ.
4. අනුපසපනක්හට පදසෝධම් කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
5. අනුපසපනක්හු හා දෙතුන් රැයකින් මත්තෙහි එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත්කල්හි පචිති ඇවැත් වේ.
6. මාගමක හා එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි. හොවී නම් පියෝහි දුකුළා වෙයි. හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. මාගමක්හට සපස් පෙදෙකින් මත්තෙහි දහම් දෙසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දෙසා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
8. අනුපසපනක්හට තමා තුළ ඇති උතුරු මිනිස්දම් ආරොචන කරණ මහණ තෙමේ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
9. මහණහුගේ තුළුල් ඇවැතක් අනුපසපනක්හට ආරොචන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. පොළොව කණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කණි නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
පළමුවන මුසාවාද වර්‍ග යි.