2. 2. 6.
දුතිය සන්තක සූත්රය
264. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්ද, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. භගවත්හු නේතෘ කොට ඇතියහ. භගවත්හු පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මැනවි. මේ දේශනාවේ අරුත භාග්යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ යි. ආනන්ද, එසේ වී නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය වහන්සැ’යි. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
ආනන්ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. ආනන්ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වෙදනාසමුදය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරීඅටඟිමඟ ම වෙදනානිරොදගාමිනී පටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාදය යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්දරාගය දුරුකිරීමෙක් ඡන්දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
ආනන්ද, වැලි දු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙති. රහත් මහණහුගේ රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
ආනන්ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
ආනන්ද, යළිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලදි. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 7.
අට්ඨක සූත්රය
265. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ‘වේදනාව කවරී ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාද කිමෙක් ද? ආදීනව කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.