3. 3. 4.
බක්කුල සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එසඳ අචේලකස්සප නුවට ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේගේ පැරණි ගිහි යහළුවකු වූයේ ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේ කරා එළැඹිණ. එළැඹැ ආයුෂ්මත් බක්කුල තෙරණුවන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අසෙලකසුබු නුවට ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ට තෙල කී:
ඇවැත්නි, බක්කුලයෙනි, පැවිදි වැ කොතෙක් දිගුකල් ඇතියාව?
ඇවැත්නි, පැවිදි වන් මට අසූහවුරුද්දෙක.
ඇවැත්නි, බක්කුලයෙනි, තොප විසින් මේ අසූවසින් කෙතෙක් වර මෙවුන්දම් සෙවුනා ලද ද?
ඇවත කස්බ, ‘ඇවැත්නි, බක්කුලයෙනි, තොප විසින් මේ අසූවසින් කොතෙක් වර මෙවුන්දම් සෙවුනා ලද දැ’ යි මෙසේ මා නො පුළුවුස්නේ යැ. ඇවත කස්බ, “ඇවැත්නි බක්කුලයෙනි, මේ අසූවසින් කොතෙක් වර කාමසංඥා උපන් විරූ දැ”යි මෙසේ මා පුළුවුස්නේ ය.
“ඇවැත්නි බක්කුලයෙනි, මේ අසූවසින් කොතෙක් වර තොපට කාමසංඥා උපන්විරූ ඇද්දැ” යි.
ඇවත කස්බ, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ කාමසංඥා සිහි කොට නො දන්මි.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් උපන්විරූ කාමසංඥා සිහි කොට නො දනිති’යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ ව්යාපාදසංඥා ... විහිංසාසංඥා නො දන්මි.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් උපන්විරූ විහිංසාසංඥා නො දනිතී’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ කාමවිතර්ක නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ ව්යාපාදවිතර්ක ... විහිංසාවිතර්ක නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ගැහැවි සිවුරු ඉවසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. ශස්ත්රයෙන් සිවුරුපිළි සිඳැලුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. හිදින් සිවුරු මැසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. රඳනින් සිවුරු රැඳුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. කඨිනයෙහි ලා සිවුරු මැසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. සබ්රම්සරහු සිවුරුකම් මෙහෙයුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. නිමන්ත්රණ ඉවසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. යමෙක් මා නිමන්ත්රණ කළේ නම් මැනැවැ’ යි මෙබඳු සිතක් උපන්විරූ නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. අන්තරඝරයෙහි හුන්නෙම් නො දන්මි. ‘ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අන්තරඝරයෙහි හුන්නාහු නො දනිති’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම යයි ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. අන්තරඝරයෙහි වැළඳුයෙම් නො දන්මි, ‘ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් අන්තරඝරයෙහි වැළඳුවාහු නො දනිති’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. අනුව්යඤ්ජන වශයෙන් මාගමකගේ නිමිති ගත්තෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. මාගමකට යටතින් සිව්පැදි ගයක් පමණකුදු දහමක් දෙසුයෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. මෙහෙණවරකට ගියෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. මෙහෙණකට දෙසුයෙම් නො දන්මි ... සික්ඛමානාවකට දහම් දෙසුයෙම් නො දන්මි ... හෙරැණියකට දහම් දෙසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ හෙරැණියකට දහම් දෙසුවාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්ය්ය අද්භූත ධර්ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. පැවිදි කරවූයෙම් නො දන්මි, ... උපසපන් කරවූයෙම් නො දන්මි ... නිස දුන්නේම් නො දන්මි, ... හෙරණකු ලවා උවටන් කරවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.