ඇවැත්නි ... අසූවසෙක. මාගමකට යටතින් සිව්පැදි ගයක් පමණකුදු දහමක් දෙසුයෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. මෙහෙණවරකට ගියෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. මෙහෙණකට දෙසුයෙම් නො දන්මි ... සික්ඛමානාවකට දහම් දෙසුයෙම් නො දන්මි ... හෙරැණියකට දහම් දෙසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ හෙරැණියකට දහම් දෙසුවාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. පැවිදි කරවූයෙම් නො දන්මි, ... උපසපන් කරවූයෙම් නො දන්මි ... නිස දුන්නේම් නො දන්මි, ... හෙරණකු ලවා උවටන් කරවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ගිනිහල්ගෙහි ස්නානය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. (කොසඹආදි) සුණුයෙන් ස්නානය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. සබ්‍රම්සරුන් සිරුරුපිරියම්හි යෙදවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. යටත්පිරිසෙයින් දෙනක තනයෙන් කිරිපිහිරක් දෝනා කල්මතු දු ආබාධයක් උපන්විරූ නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. යටත් පිරිසෙයින් අරළුකඩකුදු බෙහෙදක් පරිහරණය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. අපශ්‍රයණයෙක් පිට එළවූයම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ශ්‍රයනය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ග්‍රාමාන්ත සෙනස්නෙහි වස් එළැඹියෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් ග්‍රාමාන්තශයනාසනයෙක්හි වස් එළැඹියාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, මම සතියක් මතු සක්ලේශ වැ රට වැසියා දුන් පිණ්ඩපාතය වැළඳුයෙමි. යළි අටවන දවස් අර්‍හත්‍වය උපන. “ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ සතියක් මතු සක්ලේශ ව රටවැසියා දුන් පිණ්ඩපාතය වැළඳු සේක. යළි අටවන දවස් රහත්බව උපන” යන මේ කරුණෙක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
“ඇවැත්නි, බක්කුලයෙනි, මම මේ ශාසනයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්ව” යි කීය.
අචේල කසුබු මෙ සස්නෙහි පැවිදි ලද, උපසපු ලද. යළි ආයුෂ්මත් කසුබු උපසපන් නොබෝකල් ඇතියේ එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිතැති ව වසනුයේ නො බෝකලෙකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්මැ පැවිදි වෙත් ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍ය අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ඵලය දිටුදැමියෙහි මැ තමා විසින් මැ ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කළේ ය. ජාති ක්‍ෂය වූ යැ. මඟබඹසර වැසනිමවන ලද. සිව්මඟ කරණී කොට නිමවන ලද. ඉත්‍ථම්භාවය පිණිස කටයුතු අනෙකෙක් නැතැයි මොනොවට දැනගති. ආයුෂ්මත් කසුබු තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර කෙනෙක් වූහ.