3. 3. 2.
මහාසුඤ්ඤත සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැහැජනවියෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්යවතුන් වහන්සේ වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැකි සේක් කාළඛේමක සැහැරජහුගේ විහාරය කරා දිවා විහරණය පිණිස වැඩියෝ. එසමයෙහි කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. භාග්යවතුන් වහන්සේ කාළඛේමක සැහැරජහුගේ වෙහෙරෙහි පනවන ලද බොහෝ සෙනසුන් දුටු සේක. දැක භාග්යවතුන් වහන්සේට තෙල සිත් වී. කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. මෙ වෙහෙර භික්ෂූහු සම්බහුල වශයෙන් වෙසෙත් ද හෝ යි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බොහෝ භික්ෂූන් හා සමග ඝටාය නම් ශාක්යයන්ගේ විහාරයෙහි චීවරකර්ම කෙරෙති. එක්බිති භාග්යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලණින් නැඟී සිටි සේක් ඝටාය නම් ශාක්යයන්ගේ විහාරය කරා වැඩි සේක. වැඩැ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක. “ආනන්දය, කාළඛේමක ශාක්යයන්ගේ විහාරයෙහි සම්බහුල සේනාසනයෝ පනවන ලද්දාහු වෙති. කිම් මෙහි සම්බහුල භික්ෂූහු වාස කෙරෙත් ද හෝ” යි, පුළුවුත්හ.
වහන්ස, කාළඛේමක ශාක්යයන්ගේ විහාරයෙහි පැන්වූ බොහෝ සෙනසුන් ඇත. මෙහි බොහෝ භික්ෂූහු වාස කෙරෙති. වහන්ස, අපගේ චීවරකාර සමය පවත්නේ යයි පිළිවදන් දුන්හු.
ආනන්දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි යෙදුණු ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා හා සම්මුදිත වූ මහණ නො හොබනේ ය. ආනන්දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි අනුයුක්ත වූ ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා කෙරෙහි සම්මුදිත වූ ඒ මහණ යම් ඒ නෛෂ්ක්රම්යසුඛයෙක් ප්රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බෝධසුඛයෙක් ඇද්ද, ඒ සුඛය ඒකාන්තයෙන් කැමැති සේ ලබනුයේ නිදුක් ව ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි යන තෙල කරුණ නො වේ. ආනන්දය, යම් මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ වාස කෙරේ ද, ඒ මහණහට තෙල කැමැති විය යුතු ය: “යම් ඒ නෛෂ්ක්රම්යසුඛයෙක්, ප්රවිවේකසුඛයෙක්, උපශමසුඛයෙක්, සම්බොධ සුඛයෙක් ඇද්ද, ඒ සුඛය කැමැති සේ ලබන්නේ නිදුක් ව ලබන්නේ විපුල ව ලබන්නේ වෙයි” යන තෙල කරුණ ඇත.
ආනන්දය, එකැතින් ඒ මහණ ස්වකීය පර්ෂත්සමෝධානයෙහි නියැලියේ සිය පිරිස් හා එක්වීමෙහි ඇලුණේ සංගණීකාරාමතායෙහි යෙදුණේ ගණයා කෙරෙහි නියැලියේ ගණයා කෙරෙහි ඇලුණේ ගණයා හා සම්මුදිත වූයේ මනාප වූ රූපාරූපාවචර චිත්ත විමුක්තිය හෝ කෙලෙසුන් විසින් අකෝප්ය වූ අසාමයික හෙවත් ලෝකෝත්තර අත්යන්ත විමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ නො වේ. ආනන්දය, යම් ඒ මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් ව්යපකර්ෂ වූයේ වෙසේ ද, ඒ මහණ හට තෙල කැමැති විය යුතු ය. කිමෙක් යත්: කාන්ත වූ සාමයික චේතෝවිමුක්තිය හෝ අකෝප්ය වූ අසාමයික චේතෝවිමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ වෙයි.
ආනන්දය, යම් රූපයෙක රාග වශයෙන් ඇලුණක් හට යම් රූපයෙක අභිරක්ත වූවක්හට ඒ රූපයාගේ විපරිණාම අන්යථා භාව හේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්ය උපායාසයෝ නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දක්මි.
ආනන්දය, තථාගතයන් විසින් මේ විහාරය මොනොවට අවබෝධ කරන ලද, කුමක් පිණිස යැ යත්: රූපාදි හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් විෂය අධ්යාත්මයෙහි ශුන්යත ඵලසමාපත්තිය සපයා වාස කිරීම පිණිස යි. ආනන්දය, ඉදින් මේ විහරණයෙන් වාස කරන ඒ තථාගතයන් කරා මහණ මෙහෙණ උවසු උවැසි රජ රජමහමැති තොටු තොටුසව්වෝ එළඹෙන්නාහු වෙත් ද, ආනන්දය, එ පිරිස්හි තථාගත විවෙක ප්රවණ වූ විවෙක ප්රාග්භාර වූ ව්යපකර්ෂ වූ නිෂ්කාමාභිරත වූ සර්වප්රකාරයෙන් ආස්රවයනට හේතුභූත ධර්මයන් කෙරෙන් විසංයුක්ත වූ නිවනට නැඹුරු වූ මැ සිතින් එකැතින් යන්නට මෙහෙයන කථායෙන් යුක්ත කථාවක් ම කරනු වෙයි. ආනන්දය, එහෙයින් ඉදින් මහණ ද ගෝචරාධ්යාත්මයෙහි ශුන්යතාව උපයාගෙන වාසය කරන්නේ නම් මැනැවැ’යි කැමැති වන්නේ ද ආනන්දය, ඒ මහණ විසින් අධ්යාත්මයෙහි සිත මොනොවට පිහිටු වියැ යුතු යි, හිඳුවියැ යුතු යි, එකඟ කළ යුතු යි, සමාධාන කළ යුතු යි.
ආනන්දය, කෙසේ නම් මහණ අධ්යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවන්නේ මොනොවට හිඳුවන්නේ එකඟ කරන්නේ සමාධාන කරන්නේ වේ ද යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල දහමින් වෙන් ව සවිතර්ක සවිචාර විවේකජ ප්රීතිසුඛ ඇති පළමු දැහැන් උපයා වාස කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්යපශම හේතුයෙන් සිත්හි පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බව ඇති අවිතර්ක අවිචාර සමාධිජ ප්රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තෙවන දැහැන් ... සිව්වන දැහැන් උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙසේ මහණ අධ්යාත්මයෙහි සිත මොනවට පිහිටුවයි, මොනොවට හිඳුවයි, එකඟ කෙරෙයි, සමාධාන කෙරෙයි. හේ සිය පස්කඳෙහි උපන් ශුන්යතාව මෙනෙහි කෙරෙයි. අධ්යාත්මයෙහි ශුන්යතාව මෙනෙහි කරන ඔහුට ශුන්යතායෙහි සිත නො බසී, නො පහදී, මොනොවට නො පිහිටයි, නො මිදේ. ආනන්දය, මහණ මෙසේ වූ තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්යාත්මයෙහි ශුන්යතාව මෙනෙහි කරන මාගේ අධ්යාත්මයෙහි ශුන්යතාවට සිත නොබස්නේ ය, නො පහදනේ ය, නො පිහිටන්නේ ය, නො මිදේ ය කියා යි. මෙසේ එහි සම්ප්රඥාන ඇති වෙයි. හේ පරපඤ්චස්කන්ධයෙහි ශුන්යතා මෙනෙහි කරයි. ... හේ ස්ව පර උභය පඤ්චස්කන්ධයෙහි ශුන්යතා මෙනෙහි කරයි. ... හේ ආනෙඤ්ජ අරූපසමාපත්ති මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්ති මෙනෙහි කරන ඔහුට ආනෙඤ්ජ අරූප සමාපත්තියට සිත නො බසී, නො පහ දී, මොනොවට නො පිහිටයි. නො මිදේ. ආනන්දය, මහණ මෙසේ විද්යමාන වූ තෙල සිත මෙසේ නුවණින් දැනගනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මට ආනෙඤ්ජය පිණිස සිත නො බස්නේ ය. නො පහදන්නේ ය. මොනොවට නො පිහිටන්නේ ය. නො බිඳෙන්නේ ය කියා යි. මෙ සේ එහි සම්ප්රඥාන ඇති වෙයි.
ආනන්දය, ඒ මහණ විසින් එ මැ පූර්වසමාධිනිමිත්තයෙහි අධ්යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවිය යුතු යැ, මොනොවට හිදුවියැ යුතු යැ, එකඟ කළ යුතු යැ, සමාධාන කළ කළ යුතු යි. හේ අධ්යාත්මයෙහි ශුන්යතාව මෙනෙහි කරයි. අධ්යාත්මයෙහි ශුන්යතාව මෙනෙහි කරන ඔහුගේ සිත අධ්යාත්මයෙහි ශුන්යතාව පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්යාත්මයෙහි ශුන්යතාව මෙනෙහි කරන මාගේ සිත අධ්යාත්මයෙහි ශුන්යතාව පිණිස බැසගනී,