3. 2. 9.
කායගතාසති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු උපස්ථානශාලායෙහි රැස්ව හුන් බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පැන නැඟිණ. “ඇවැත්නි, අසිරි යැ, ඇවැත්නි අද්භූත යැ, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් භාවිත බහුලීකෘත වූ කායගතස්මෘති භාවනා මහත්ඵල මහානෘශංස යයි” වදාරන ලද මැ යැ. ඒ මහණුනතර මේ අතුරු කථාව අඩහළ විය.
එ සඳ භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පිළිසලනින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹි සේක. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ මහණුන් ඇමැතූ සේක: මහණෙනි, දැන් කවර කථායෙකින් රැස්ව හුන්නහු වව, තොප ගේ කිනම් අතුරු කථායෙක් කොට අඩාළ වී දැයි වදාළෝ.
වහන්ස, පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකී මේ උපස්ථාන ශාලායෙහි රැස්ව හුන් අප අතර මේ අතුරු කථාව පහළ වී: “ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ, ඇවැත්නි, අද්භූත යැ, සියල්ල දන්නා සියල්ල දක්නා භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් භාවිත බහුලීකෘත කායගතස්මෘති භාවනා මහත්ඵල මහානෘශංස යයි” වදාරන ලදු. වහන්ස, අපගේ මේ අතුරු කථා අඩහළ වූ, එසඳ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි.
මහණෙනි, කිසෙයින් භාවිත වූ කිසෙයින් බහුලීකෘත වූ කාගියාසී මහත්ඵල මහානෘශංස වේ යැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ සිහි ඇති ව මැ ආශ්වාස කෙරෙයි, සිහි ඇතිව ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරනුයේ දීර්‍ඝ කොට ආශ්වාස කරමි’ නුවණින් දනී. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරමී දනී. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ භ්‍රස්ව කොට ආශ්වාස කරමී දනී, භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ භ්‍රස්ව කොට ප්‍රශ්වාස කරමී දනී. සර්‍වකායප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී හික්මෙයි. සර්‍වකායප්‍රතිසංවේදී ව ප්‍රශ්වාස කරමි හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරමි හික්මෙයි. මෙසේ ස්මෘතිවිප්‍රවාස නැතිව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන ඒ මහණහු ගේ පඤ්චකාමගුණ නිඃශ්‍රිත වූ යම් දිවෙන සංකල්පනාවෝ ඇද්ද ඔහු පහව යෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී. පිහිටා හිඳී, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කාගියාසී භවයි.
යළිදු මහණෙනි, මහණ යන්නේ හෝ ‘යෙමි’ නුවණින් දනී, සිටියේ හෝ ‘සිටියෙමි’ නුවණින් දනී, හුන්නේ හෝ ‘හුන්නෙමි’ නුවණින් දැනගනී, හෝනේ හෝ ‘හෝනෙමි’ නුවණින් දැනගනී, යළි යම් යම් පරිද්දෙකින් හෝ ඔහුගේ කය පිහිටුවන ලදුයේ වේ ද, ඒ ඒ පරිද්දෙන් එය නුවණින් දැනගනී, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වර ඇති නිවනට මෙහෙයූ සිතැතිව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත දිවෙන් සංකල්පයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගතස්මෘති වඩයි.
තවද මහණෙනි, මහණ ඉදිරි ගමන්හි දු පෙරළා ගමන්හි දු සම්පජානකාරී වෙයි. ඉදිරි බැලීමෙහි දු අවට බැලීමෙහි දු සම්පජානකාරී වෙයි, අත් පා දිගු කිරීමෙහි දු හැකිළීමෙහි දු සම්පජානකාරී වෙයි. සඟළ පාසිවුරු ධැරීමෙහි දු සම්පජානකාරී වෙයි. අසන පාන ඛාදන ආස්වාදන ක්‍රියායෙහි දු සම්පජානකාරී වෙයි. අස්පස්කිසෙහි දු සම්පජානකාරී වෙයි, ගමන ස්ථාන නිෂීදන ශයන ජාගරණ භාෂණ තුෂ්ණිම්භාවක්‍රියායෙහි දු සම්පජානකාරී වෙයි. මෙසේ අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත දිවෙන සංකල්පනයෝ ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෞරව සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි ම සිත වැදගෙන සිටී, සන්හුන්වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගත ස්මෘති වඩයි.
තවද මහණෙනි, මහණ පාදතලයෙන් උඩ කෙස් මතුයෙන් යට ත්චක්පර්‍ය්‍යන්ත වූ නානාප්‍රකාර අසුචි පිරුණු මේ කරජකය ම ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ කයෙහි කෙස් යැ, ලෝමැ නිය යැ දතැ සමැ මසැ නහර යැ ඇට යැ ඇටමිදුළු යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ දලබු යැ බඩදිව යැ පපුමසැ අතුණු යැ අතුණුබහනැ නො පැසුණු අහර යැ මල යැ පිතැ සෙමැ පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදස යැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුලු යැ මුත්‍ර යැ යන මේ ඇතැයි කියා යි.
මහණෙනි, යම් සේ නානාවිධ ධාන්‍ය පිරුණු දෙපස මුව ඇති මල්ලෙක් වේ ද, එ කෙබඳු ධාන්‍ය යැ යත්: හැල් වී මුං මෑ තල සහල් යන් මේ ධාන්‍යයන්ගේ යැ. ඇස් ඇති පුරුෂයෙක් තෙල මල්ල මුදා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ යැ: මොහු හැල්හ, මොහු වීහ, මොහු මුඟුහ, මොහු මාසහ, මොහු තිලයහ, මොහු තණ්ඩුලයහ යි කියා යි, මහණෙනි, එපරිදි ම මහණ පාතෙලෙන් උඩ කෙහෙමතුයෙන් යට සම පිරිවරා සිටින නානාවිධ අසුචි පිරුණු මේ කරජකය මැ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු ළය අක්මා දලබු බඩදිව් පපුමස් අතුණු අතුණුබහන් නො පැසුණු අහර මල පිත් සෙම් පූයා ලෙහෙ සෝදිය මේදස කඳුළු වුරුණුතෙල් කෙළ මුකුණු සඳමිදුලු යන මේ ඇතැයි කියා යි. මෙසෙයින් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඒ මහණහු ගේ ගෘහාශ්‍රිතවූ යම් මැ දිවෙන් සංකල්පයෝ ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගතස්මෘති භවයි.
තවද මහණෙනි, මහණ සිටි පරිදි තුබූ පරිදි මැ මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි පෘථිවිධාතු අබ්ධාතු තෙජොධාතු වායෝධාතු ඇත කියා’යි.