3. 2. 10.
සංඛාරුප්පත්ති සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එකල භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්යවතුන් වහන්සේ තෙල සංඛාරුප්පත්ති සූත්රය වදාළෝ.
මහණෙනි, තොපට සංස්කාරොත්පත්තිය දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව. කියමි’ යි වදාළ කල වහන්ස, එසේ යැ’ යි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්රැතයෙන් සමන්වාගත වෙයි, ත්යාගයෙන් සමන්වාගත වෙයි, ප්රඥායෙන් සමන්වාගත වෙයි. ඔහුට මෙසේ සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි කැත් මහසල්කුලන්ගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත ඔහුගේ ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්ගය මේ ප්රතිපත් ඒ උපත පිණිස පවතී.
තවද මහණෙනි, මහණ ශ්රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්රැතයෙන් සමන්වාගත වෙයි, ත්යාගයෙන් සමන්වාගත වෙයි, ප්රඥායෙන් සමන්වාගත වෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල් කුලන්ගේ හෝ … ගැහැවිමහසල් කුලන්ගේ හෝ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත වූවාහු මෙසේ බහුලීකෘත වූවාහු එහි උපත පිණිස වැටෙත්. මහණෙනි, මේ පිළිවෙත එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්රැතයෙන් සමන්වාගත වෙයි, ත්යාගයෙන් සමන්වාගත වෙයි, ප්රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් අසන ලද වෙයි. ‘සියුමහරජයෙහි වූ දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවත්හ, සුඛබහුලහ’ යි කියා යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි සිව්මහරජයෙහි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එසිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත ව මෙසේ බහුලීකෘත ව සිට ඒ දෙව්ලොව උපත් පිණිස පවතිත්. මහණෙනි, මේ ප්රතිපත් එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්රැතයෙන් සමන්වාගත වෙයි, ත්යාගයෙන් සමන්වාගත වෙයි, ප්රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘තව්තිසා වැසි දෙවියෝ ... යාමවැසි දෙවියෝ ... තුසීපුර වැසි දෙවියෝ ... නිර්මාණරතියෙහි වැසි දෙවියෝ ... පරිනිර්මිත වශවර්තියෙහි වැසි දෙවියෝ දීර්ඝායුෂ්කයහ, වර්ණ ඇතියහ, බහුල සුඛ ඇතියහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි පරනිර්මිතවශවර්තියෙහි වැසි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මෙසේ භාවිත වූවෝ බහුලීකෘත වූවෝ එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත් එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්රැතයෙන් සමන්වාගත වෙයි, ත්යාගයෙන් සමන්වාගත වෙයි, ප්රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘සහස්රබ්රහ්ම දිගා ඇතියෙ යැ, වර්ණ ඇතියෙ යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, සහස්රබ්රහ්ම සහස්රී ලෝකධාතු පැතිරැගෙන බැසගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද, උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් එක් ඇඹුලක් අතෙහි කොට ගෙන ප්රත්යවේක්ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ සහස්රබ්රහ්ම සහස්රීලෝකධාතු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු සහස්රබ්රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත වූ මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත එහි උපත් පිණිස පවතී.
තවද මහණෙනි, මහණ ශ්රද්ධායෙන් සමන්වාගත වෙයි, ශීලයෙන් සමන්වාගත වෙයි, ශ්රැතයෙන් සමන්වාගත වෙයි, ත්යාගයෙන් සමන්වාගත වෙයි, ප්රඥායෙන් සමන්වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. ‘ද්විසහස්රබ්රහ්ම ... ත්රිසහස්රබ්රහ්ම ... චතුස්සහස්රබ්රහ්ම ... පඤ්චසහස්රබ්රහ්ම දිගා ඇතියේය, වර්ණ ඇතියේය, සුවබිහිලි යයි. මහණෙනි, පඤ්චසහස්ර බ්රහ්ම ද, පඤ්චසහස්රී ලෝකධාතුව පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ඇඹුලුපක් පසක් අතෙහි කොට ගෙන ප්රත්යවේක්ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ පඤ්චසහස්රබ්රහ්ම පඤ්චසහස්රී ලෝකධාතු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. එහි යම් ම සත්ත්ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු පඤ්චසහස්ර බ්රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මාර්ග මේ ප්රතිපදා එහි උපත් සඳහා වැටෙයි.