2. 4. 4.
මධුර සූත්රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවෝ මධුරා පුර ගුන්දාවනයෙහි වැඩ වෙසෙති. අවන්තිපුත්ර මධුරා පුර වැසි රජ මෙසේ ඇසී: “භවත්නි, ශ්රමණ කෘත්යායන තෙරණුවෝ මධුරා පුර ගුන්දාවනයෙහි වැඩ වෙසෙති. ඒ භවත් කාත්යායන තෙරණුවන් ගේ මෙවන් කල්යාණකීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ යැ: (කාත්යායන තෙරණුවෝ) පණ්ඩිතයහ, ව්යක්තයහ, නුවණැතියහ, බහුශ්රැතයහ, චිත්රකථිහ, කලණපිළිබහන් ඇතියහ, වෘද්ධ ද අර්හත් ද වෙති. එබඳු රහතුන් ගේ දර්ශනය මනා මැ නු”යි ඇසී යැ, ඉක්බිති අවන්තිපුත්ර, මධුරා පුර වැසි රජ භද්ර වූ භද්ර වූ යානයන් යොදවා භද්රයානයකට නැඟී භද්ර වූ භද්ර වූ යානයෙන් යුතු වැ ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවන් දක්නට මහත් වූ රාජානුභාවයෙන් යුතු වැ මධුර පුරයෙන් නික්ම ගියේ යැ. යානභුමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදයට නිසි කාලාන්තරයෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අවන්තිපුත්ර මධුරා පුර වැසි රජ ආයුෂ්මත් මහාකාත්යායන තෙරණුවන්ට තෙල බස් කී: භවත් කාත්යායනයෙනි, බමුණෝ මෙසේ කීහු: “බමුණු මැ ශ්රේෂ්ඨවර්ණ යැ, තදන්ය වූයේ හීනවර්ණ යැ, බමුණු මැ ශුක්ලවර්ණ යැ, තදන්ය වූයේ කෘෂ්ණවර්ණ යැ, බමුණුහු මැ ශුද්ධ වෙති, නො බමුණුහු ශුද්ධ නො වෙති, බමුණුහු මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එයින් මැ) බ්රහ්මජයහ, බ්රහ්මනිර්මිතයහ, බ්රහ්මදායාදයහ”යි. මෙහි ලා භවත් කාත්යායනයෝ කුමක් කියති හො’යි? මහරජ, බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යැ, තදන්ය වූයේ හීනවර්ණ යැ, බ්රාහ්මණයෝ මැ ශුක්ලවර්ණ යැ, තදන්ය වූයේ කෘෂ්ණවර්ණ යැ, බ්රාහ්මණයෝ මැ ශුද්ධ වෙති, අබ්රාහ්මණයෝ ශුද්ධ නො වෙති, බ්රාහ්මණයෝ මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එයින් මැ) බ්රහ්මජයහ, බ්රහ්මනිර්මිතයහ, බ්රහ්මදායාදයහ” යනු ලෝකයෙහි තෙලෙ ඝොෂමාත්රයෙක් මැ යැ. මහරජ, “බ්රාහ්මණයෝ මැ ශ්රේෂ්ඨවර්ණ යැ, තදන්ය වූයේ හීනවර්ණ යැ ... බ්රහ්මදායාදයහ.” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්යවහාරමාත්රයෙක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු වේ.
මහරජ, ඒ කෙසේ හඟිහි? කැත්කුල උපන් රජක්හට ද ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්ය්යසම්පන්නයාහට ක්ෂත්රියයා ද කැලැ මැ නැඟී සිටිනසුලු වූයේ පසු වැ හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වේ ද? ඒ ඓශ්චර්ය්ය සම්පන්නයාහට බමුණු ද ... ප්රියවාදී වේ ද? ඒ ඓශ්චර්ය්යසම්පන්නයාහට වෛශ්යයා ද ... ප්රියවාදී වේ ද? ඒ ඓශ්චර්ය්යසම්පන්නයාහට ශුද්රයා ද කැල මැ නැඟී සිටිනසුලු වූයේ පැසුළු හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ ප්රිය බස් බණනුයේ වේ ද?
භවත් කාත්යායනයෙනි, ක්ෂත්රියයක්හට ද ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට ක්ෂත්රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට බ්රාහ්මණයා ද ... පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට වෛශ්යයා ද ... පිය බස් බණනුයේ වෙයි, ඒ ඉසුරුමත්හට ශුද්රයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ’යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි.
මහරජ, ඒ කෙසේ හඟිහි? බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට බමුණුත් පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්රිය තෙපුල් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට වෛශ්යයා ද ... ප්රියවාදී වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්රයා ද ... ප්රිය වාදී වේ ද? ඒ ඉසුරුමත්හට ක්ෂත්රියයා ද පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්රිය බස් බණනුයේ වේ ද?
භවත් කාත්යායනයෙනි, ඉදින් බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රිදීයෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් එ ඉසුරුමත්හට බමුණු ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට වෛශ්ය ද ... එ ඉසුරුමත් හට ශුද්ර ද ... එ ඉසුරුමත්හට ක්ෂත්රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්රියබස් බණනුයේ වෙයි.
මහරජ, ඒ කෙසේ හඟිහි ද? වෛශ්යක්හට ද ඉදින් ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම්, එ ඉසුරුමත්හට වෛශ්යයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්රිය බස් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්ර ද ... එ ඉසුරුමත්හට ක්ෂත්රියයා ද ... එ ඉසුරුමත්හට බ්රාහ්මණ ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ පියබස් බණනුයේ වේ ද?
භවත් කාත්යායනයෙනි, වෛශ්යයක්හට ත් ඉදින් ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්ය්යවත්හට වෛශ්යයා ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්රිය බස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට ශුද්ර ද ... එ ඉසුරුමත්හට ක්ෂත්රිය ද ... එ ඉසුරුමත්හට බමුණු ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්රිය තෙපුල් බණනුයේ යි.
මහරජ, ඒ කෙසේ හඟිහි ද? ශුද්රහටත් ඉදින් ධනයෙන් වේවයි ධාන්යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්රයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්රිය තෙපුල් බණනුයේ වෙයි, එ ඉසුරුමත්හට ක්ෂත්රියයාත් ... එ ඉසුරුමත්හට බ්රාහ්මණයාත් ... එ ඉසුරුමත්හට වෛශ්යයා ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්රිය තෙපුල් බණනුයේ වේ ද?