2-14. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය
ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර අටඅයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
“ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ”යි අභිනිවේශපරාමර්ශය ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටි වේ. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
“ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ”යි ... “ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වේ” යයි … “ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ අශාශ්වත නො වේ” යයි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ ද අන්ත නැත්තේ ද වේ” යයි ... ආත්මයත් ලෝකයත් නො මැ අන්ත ඇත්තේ අන්ත නැත්තේ නො වේ” යයි අභිනිවේශපරාමර්ශය ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ අටවනු වූ ලෝකවාදප්රතිසංයුක්ත දෘෂ්ටි වේ. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටිය මිථ්යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ අටඅයුරින් අභිනිවේශය වේ.
2-15, 2-16. භව - විභව දෘෂ්ටි
(ශාශ්වතසංඥා හෙයින් නිර්වාණයෙන් සිත) හැකිළීමෙහි අභිනිවේශය භවදෘෂ්ටි නම. (උච්ඡේදසංඥා හෙයින් නිරොධගාමිනීප්රතිපදායෙහි) අතිධාවනයෙහි අභිනිවේශය විභවදෘෂ්ටි නමි. ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි අටඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභව දෘෂ්ටීහු කෙතෙක් ද යත්:
ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. මිථ්යාදෘෂ්ටියෙහි දසඅයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටීහු වෙති සත්කායදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි පසළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටි වෙයි. සත්කායවස්තුකඋච්ඡේදදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු වෙති.
“ලෝකය ශාශ්වත යැ” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “ලෝකය අශාශ්වත යැ” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභව දෘෂ්ටීහු යැ. “ලෝකය අන්ත ඇත්තේ යැ” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටි හු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “ලෝකය අන්ත නැත්තේ යැ” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්යමාන වෙයි” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්යමාන නො වෙයි” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වෙයි” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “සත්ත්ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි” යන අන්තග්රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු යැ.
පූර්වාන්තානුදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. අපරාන්තානුදෘෂ්ටියෙහි සියුසාලිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. සංයෝජනිකදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. “මම” යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටිහු යැ. “මාගේ යැ”යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටිහු යැ ආත්මවාද ප්රතිසංයුක්තදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක. විභවදෘෂ්ටි පසෙකි. ලෝකවාදප්රතිසංයුක්තදෘෂ්ටියෙහි අට අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු ය.