2.
දෘෂ්ටිකථා.
දෘෂ්ටි කවර යැ, දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ, දෘෂ්ටිපර්ය්යුත්ථානයෝ කෙතෙකැ, දෘෂ්ටිහු කෙතෙකැ, දෘෂ්ටිඅභිනිවෙශයෝ කෙතෙකැ, දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යත්:
1. දෘෂ්ටිය කවර යනු: අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
2. දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිකාරණයෝ අටදෙනෙකි.
3. දෘෂ්ටිපර්ය්යුත්ථානයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිපර්ය්යුත්ථානයෝ අටළොස්දෙනෙකි.
4. දෘෂ්ටීහු කෙතෙකැ යනු: දෘෂ්ටිහු සොළොස්දෙනෙකි.
5. දෘෂ්ට්යභිනිවේශයෝ කෙතෙකැ යනු: දෘෂ්ට්යභිනිවෙශ තුන් සියයෙකි.
6. දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යනු: සෝවාන්මාර්ගය දෘෂ්ටිකාරණසමුද්ඝාතය වේ.
කිසෙයින් අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි වෙයි යත්:
රූපය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ. වේදනාව ‘තෙල මාගේ යැ ... සංඥාව ‘තෙල මාගේ යැ ... සංස්කාර ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
චක්ෂුස ‘තෙල මාගේ යැ ... ශ්රෝත්රය ‘තෙල මාගේ යැ ... ඝ්රාණය ‘තෙල මාගේ යැ ... ජිහ්වාව ‘තෙල මාගේ යැ ... කාය ‘තෙල මාගේ යැ ... මනස ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ, රූපයන් ‘තෙල මාගේ යැ ... ශබ්දයන් ‘තෙල මාගේ යැ ... ගන්ධයන් ‘තෙල මාගේ යැ ... රසයන් ‘තෙල මාගේ යැ ... ස්ප්රෂ්ව්යයන් ‘තෙල මාගේ යැ ... ධර්මයන් ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
චක්ෂුර්විඥානය ‘තෙල මාගේ යැ ... ශ්රෝත්රවිඥානය ‘තෙල මාගේ යැ ... ඝ්රාණවිඥානය ‘තෙල මාගේ යැ ... ජිහ්වාවිඥානය ‘තෙල මාගේ යැ ... කායවිඥානය ‘තෙල මාගේ යැ ... මනෝවිඥානය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
චක්ඛුසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ඝානසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ජිව්හාසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... කායසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... මනෝසම්ඵස්සය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්ශය දෘෂ්ටි යැ.
චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
රූපසංඥාව ‘තෙල මාගේ යැ ... ශබ්දසංඥාව ‘තෙල මාගේ යැ ... ගන්ධසංඥාව ‘තෙල මාගේ යැ ... රසසංඥාව ‘තෙල මාගේ යැ ... ස්ප්රෂ්ටවය්යසංඥාව ‘තෙල මාගේ යැ ... ධර්මසංඥාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
රූපසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ශබ්දසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ගන්ධසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... රසසඤ්චෙතනාව ‘තෙල මාගේ යැ ... ස්ප්රෂ්ටව්යසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ධර්මසඤ්චේතනාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
රූපතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ශබ්දතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ගන්ධතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... රසතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ස්ප්රෂ්ටව්යතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ධර්මතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
රූපවිතර්කය ‘තෙල මාගේ යැ ... ශබ්දවිතර්කය ‘තෙල මාගේ යැ ... ගන්ධවිතර්කය ‘තෙල මාගේ යැ ... රසවිතර්කය ‘තෙල මාගේ යැ ... ස්ප්රෂ්ටව්යවිතර්කය ‘තෙල මාගේ යැ ... ධර්මවිතර්කය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
රූපවිචාරය ‘තෙල මාගේ යැ ... ශබ්දවිචාරය ‘තෙල මාගේ යැ ... ගන්ධවිචාරය ‘තෙල මාගේ යැ ... රසවිචාරය ‘තෙල මාගේ යැ ... ස්ප්රෂ්ටව්යවිචාරය ‘තෙල මාගේ යැ ... ධර්මවිචාරය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
පෘථිවීධාතුව ‘තෙල මාගේ යැ ... අබ්ධාතුව ‘තෙල මාගේ යැ ... තේජෝධාතුව ‘තෙල මාගේ යැ ... වායුධාතුව ‘තෙල මාගේ යැ ... ආකාශධාතුව ‘තෙල මාගේ යැ ... විඥානධාතුව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.
පඨවීකසිණය ‘තෙල මාගේ යැ ... ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ... ආකාසකසිණය ... විඤ්ඤාණකසිණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්ශය දෘෂ්ටි යැ.