7.
තෙල පස්කම්ගුණය සඞ්ගයෙකි. මෙහි සෞඛ්‍ය (සුඛභාව)ය අල්පයැ, අල්පාස්වාද ඇත්තේ යැ, මෙහි දුක් බොහෝ යැ. තෙල බිලියකගැ යි දැන නුවණැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සඞ්ගො එසො පරිත්තමෙත්‍ථ සොඛ්‍යං - සඞ්ග යැ යි හෝ බඩිශ යැ යි හෝ ආමිෂ යැ යි හෝ ලග්ගන යැ යි හෝ තෙල පස්කම්ගුණයට නමි. පරිත්තමෙත්‍ථ සොඛ්‍යං යනු: තෙල වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
“මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙක යත්: ඇසින් දත යුතු රූපයෝ ... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මෙ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කාමසුඛ යැ යි කියනු ලැබෙයි. තෙල සුඛය අල්ප යැ තෙල සුඛය පහත් යැ තෙල සුඛය මඳ යැ තෙල සුඛය ලාමක යැ තෙල සුඛය හීන යැ තෙල සුඛය ස්වල්ප නුයි ‘සඞ්ගො එසො පරිත්තමෙත්‍ථ සොඛ්‍යං’ යනුවේ.
අප්පස්සාදෝ දුක්ඛමෙත්‍ථ භිය්‍යො යනු: කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ බහුපායාස ඇතියහ මෙහි ආදීනව බොහෝ හයි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ ඇටසැකිලි බන්දහ යි වදාරන ලදහ- කාමයෝ මාංශපේශි වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ- කාමයෝ තෘණොල්කා (තණහුලක්) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරනලදහ. කාමයෝ අඞ්ගාරකර්පු(අඟුරුවළ) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සිහිනයක් වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ පිරුළුයෙන් අළ දැයක් වැන්නාහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ වෘක්‍ෂඵල වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා (කඩුව හා මස් ලොඹුව) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සැත්හුල් බන්දහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ බොහෝ දුක් ඇත්තාහ බොහෝ උපායාස ඇත්තාහ මෙහි ආදීනව බොහෝහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දාහු නුයි ‘අප්පස්සාදො දුක්ඛ මෙත්‍ථ භිය්‍යො’ යනු වේ.
ගළො එසො ඉති ඤත්‍වා මතිමා - ‘ගළ’ යැ හෝ ‘බලිස’ යැ හෝ ‘ආමිස’ යැ හෝ ‘ලග්ගන’ යැ හෝ ‘බන්‍ධන’ යැ හෝ ‘පළිබෝධ’ යැ හෝ තෙලෙ පස්කම් ගුණයනට නමෙකි. ඉති යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ පදපාරිපූරි යැ, අක්‍ෂර සමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතායැ, පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු මතිමා යනු: දුකෙහි නො සැලෙනුයෙන් ධීර යැ සුවයෙහි නො ඉල්පෙනුයෙන් පණ්ඩිත යැ, මෙලෝ පරලෝ අර්‍ත්‍ථයෙහි කළ පරිචය ඇතියෙන් ප්‍රඥාවත් යැ, ආත්මාර්‍ත්‍ථ පරාර්ථයෙහි නිසලවනුයෙන් බුද්ධිමත් යැ, ගම්භීර උත්තානාර්ත්‍ථයෙහි නොපසුබස්නෙන් ඥානවත් යැ, ගුඪ ප්‍රතිච්ඡන්නාර්ත්‍ථයන් හෙළි කරනුයෙන් විභාවී යැ, නික්ලෙශතායෙන් මොධාවි යැ.
ගළො එසො ඉති ඤත්‍වා මතිමා යනු: නුවණැතියේ (තෙල පස්කම්ගුණ) ගළයෙකැයි දැන බලිසයෙකැයි දැන ආමිෂයෙකැයි දැන ලග්නයෙකැයි දැන බන්‍ධනයෙකැයි දැන පළිබොධයෙකැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ගළො එසො ඉති ඤත්‍වා මතිමා, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් කීහ. ඒ පසේ සම්බුදුහු:
“සඞ්ගො එසො -පෙ- ඛග්ගවිසාණකප්පො” යි.