6.
අඹුදරුවන් ද මව්පියන් ද ධනය ද ධාන්ය ද බන්ධුසමූහයා ද යන කාමයන් ස්වකීය අවධි වශයෙන් හැරපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
පුත්තං ච දාරං පිතරං ච මාතරං- ‘පුත්තා’ යනු: පුත්රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්ර යැ ක්ෂේත්රජපුත්ර යැ දින්නක පුත්ර යැ අන්තෙවාසිකපුත්ර යැ යි. ‘දරා’ යි භාර්ය්යාවෝ කියනු ලැබෙති. පිතා යනු; යම් ජනකයෙක් වේ ද හේ යැ. මාතා යනු; යම් ජනිකාවක් වූ නම් හෝ යැයි. ‘පුත්තං ච දාරං පිතරං ච මාතරං’ යනු වේ.
ධනානි ධඤ්ඤානි ච බන්ධවානි- ‘ධනානි’ යි කහවුණු රත්රන් මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළු රිදී රන් ලොහිතඞ්ක මැසිරිගල් කියනු ලැබෙත්. ධඤ්ඤානි යි පූර්වාන්න අපරාන්න කියනු ලැබෙති. පුබ්බන්න නම්: හැල් යැ වී යැ යව යැ ගොධුම යැ කඞ්ගු යැ. වරා යැ කුරහමු යැ. අපරන්න නම්: සූපයට හිත වූයේ යි. (උඳු මුං ආදිය යි) බන්ධවානි යනු: බන්ධුහුසතර දෙනෙකි: ඥාතිබන්ධුහුදබන්ධුයැ,ගෝත්ර බන්ධුහුද බන්ධු යැ, මිත්රබන්ධුහුද බන්ධු යැ, ශිල්පබන්ධුහුද බන්ධු නු යි. ‘ධනානි ධඤ්ඤති ව බන්ධවානි’ යනු වේ.
හිත්වාන කාමානි සකොධිකානි- ‘කාමා’ යනු: උද්දාන විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි කාමයෝ දෙදෙනෙකි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. හිත්වාන කාමානි යනු: වස්තුකාමයන් පිරිසිඳ දැන ක්ලේශ කාමයන් හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා. හිත්වාන කාමානි සකොධිකාති යනු: සෝවන් මගින් යම් කෙලෙස් කෙතෙක් ප්රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො එයි. සෙදගැමි මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්රහීණ වූහු නම්-අනගැමි මගින් යම් කෙලෙස් කෙනෙක් ප්රහීණ වූහු නම්- රහත්මගින් යම් කෙලෙස් කෙනෙක් ප්රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො ඒනුයි ‘හිත්වාන කාමානි සංකොධිකාති ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“පුත්තං ච දාරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යි.
7.
තෙල පස්කම්ගුණය සඞ්ගයෙකි. මෙහි සෞඛ්ය (සුඛභාව)ය අල්පයැ, අල්පාස්වාද ඇත්තේ යැ, මෙහි දුක් බොහෝ යැ. තෙල බිලියකගැ යි දැන නුවණැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්යං - සඞ්ග යැ යි හෝ බඩිශ යැ යි හෝ ආමිෂ යැ යි හෝ ලග්ගන යැ යි හෝ තෙල පස්කම්ගුණයට නමි. පරිත්තමෙත්ථ සොඛ්යං යනු: තෙල වදාරන ලද මැ යි භාග්යවතුන් විසින්: