5.
ලෝකයෙහි (කායික වාචසික) ක්රීඩාව ද (පඤ්චකාමගුණයෙහි) රතිය ද වස්තුකාමසුඛය ද නො ගැණැ අපේක්ෂා නො කරනුයේ විභූෂණ කරුණින් වෙන් වූයේ සත්යය කියනසුලු වූයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකෝ- ‘ඛිඩ්ඩා’ යනු: කායික ක්රීඩා ද වාචසික ක්රීඩා දැ යි ක්රීඩා දෙකෙකි ... මේ කායික ක්රීඩා යැ... මේ වාචසික ක්රීඩා යි. රති යනු: තෙල ‘රති’ යනු අනුත්කණ්ඨාවට නමෙකි. කාමසුඛං යනු: මේ වදාරන ලද මැ යි භාග්යවතුන් විසින් “මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙකැ යත්: ඇසින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ යැ. කනින් දතයුතු වූ ....නැහැයෙන් දතයුතු වූ දිවින් දතයුතු වූ කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්රෂ්ටව්යයෝ යි. මහණෙනි මොහු පඤ්චකාම ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මෙ කාමසුඛ යයි කියනු ලැබේ. ලෝකේ යනු: මනුෂ්යලෝකයෙහි නුයි ‘ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකේ’ යනු වේ.
අනලංකාරිත්වා අනපෙක්ඛමානො යනු: ලෝකයෙහි කායික වාචසික ක්රීඩාව ද පඤ්චකාමගුණයෙහි රතිය ද වස්තුකාමසුඛය ද නො ගුණැ අපේක්ෂා රහිත වැ හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘අනලංකරිත්වා අනපේක්ඛමානො’ යනු වේ.
විභූසනට්ඨානා විරතො සච්චවාදී - ‘විභූසා’ යනු: විභූෂණ (සැරැසුම්) දෙකෙකි: ගිහිගෙවැසිහට සැරැසුමෙක් ඇත, පැවිදිහට සැරැසුමෙක් ඇති, ගිහිගෙවැසිහට සැරැසුම් කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල්ගඳවිලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද සුවඳසුණු ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැටපත අඳුන මල්ගඳවිලෙවුන මුවසුණු මුඛාලෙප හස්තබන්ධන සිළු බැඳුම සෝලුලීය විසිතුරු බෙහෙසත්නළ කඩු ඡත්රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ වල්විදුනා දික්දාවලු ඇති සුදුවත් යනාදිය යි. මේ ගිහිගෙවැසිහට සැරැසුමැ.
පැවිදිහට සැරැසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මෙ කුණුකය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරසීම කෙලැවීම හාත්පසින් කෙලැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්යය යන මේ පැවිදිහට සැරැසුමි.
සච්චවාදී යනු’ ඒ පසේබුදුහු සත්යය කියනසුල්ලහ, සත්යයෙන් සත්යය ගළපනුවහ, ස්ථිරකථා ඇතියහ, හැදැහියයුතු වචන ඇතියහ, ලොව විසංවාද නො කරනුවහ. විභූෂණකරුණින් දුරු වූවාහු වෙන් වූවාහු අත්යර්ත්ථයෙන් වෙන් වූවාහු නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්ය්යාදා කළ සිතින් යුතු වැ වාස කෙරෙත් නුයි ‘විභූසනට්ඨානා විරතො සච්චවාදී එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“ඛිඩ්ඩං රතිං -පෙ- ඒකෝ චෙර ඛග්ගවිසාණකප්පො” යි.
6.
අඹුදරුවන් ද මව්පියන් ද ධනය ද ධාන්ය ද බන්ධුසමූහයා ද යන කාමයන් ස්වකීය අවධි වශයෙන් හැරපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
පුත්තං ච දාරං පිතරං ච මාතරං- ‘පුත්තා’ යනු: පුත්රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්ර යැ ක්ෂේත්රජපුත්ර යැ දින්නක පුත්ර යැ අන්තෙවාසිකපුත්ර යැ යි. ‘දරා’ යි භාර්ය්යාවෝ කියනු ලැබෙති. පිතා යනු; යම් ජනකයෙක් වේ ද හේ යැ. මාතා යනු; යම් ජනිකාවක් වූ නම් හෝ යැයි. ‘පුත්තං ච දාරං පිතරං ච මාතරං’ යනු වේ.