4.
බහුශ්රුත වූ ධර්මධර වූ උදාර වූ වැටහෙන නුවණ ඇති මිත්රයකු භජනය කරන්නේ යැ. (ආත්මාර්ත්ථාදි) අර්ත්ථයන් දැන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: ඇසූ පිරූ තැන් ධරන ඇසූපිරූ තැන් රැස් වූ මිත්ර තෙම බහුශ්රුත වෙයි. යම් ධර්ම කෙනෙක් ආදිකල්යාණ වූවාහු ...... අර්ත්ථ සහිත වූ ව්යඤ්ජන සහිත වූ කේවලපරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්රහ්මචර්ය්ය ප්රකාශ කෙරෙත් ද එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරනලද්දාහු වචනයෙන් ප්රගුණ කරන ලද්දාහු මනසින් පුනපුනා බලනලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට ප්රතිවේධ කරන ලද්දාහු වෙති. ධම්මධරං යනු: සූත්ර ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්ම වෙදල්ල යන දහම් දරන, බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: බහුශ්රුත වූ ද ධර්මධර වූ ද මිත්රයකු භජනය කරන්නේ යැ මොනොවට භජනය කරන්නේ යැ සේවනය කරන්නේ යැ නොයෙක් අයුරින් සේවනය කරන්නේ යැ මොනොවට සේවනය කරන්නේ යැ පුනපුනා සේවනය කරන්නේ නුයි ‘බහුස්සුතං ධම්මධරං භජෙථ’ යනු වේ.
මිත්තං උළාර පටිභානවන්තං යනු: ශීලයෙන් සමාධියෙන් ප්රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්ශනයෙන් මිත්ර තෙම උදාර වෙයි. පටිභාන වන්තං යනු: පර්ය්යාප්තිප්රතිභාන ඇත්තේ යැ පරිපෘච්ඡාප්රතිභාන ඇත්තේ යැ අධිගමප්රතිභාන ඇත්තේයැයි ප්රතිභානවත්හු තිදෙනෙකි. පර්ය්යාප්ති ප්රතිභාන ඇත්තේ කවරැ යත්: මෙසස්නෙහි ඇතැමකු විසින් සූත්ර ගෙය්ය වෙය්යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්ම වෙදල්ල යන බුද්ධවචනය පිරිවහන ලද වෙයි. ඔහට පර්ය්යාප්ති නිසා වැටහෙයි. මේ පර්ය්යාප්ති ප්රතිභාන ඇත්තේ වෙයි.
පරිපෘච්ඡා ප්රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්ත්ථයෙහි ද න්යායයෙහි ද ලක්ෂණයෙහි ද කාරණයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (ගැටපද) පිළිවිස්නේ වෙයි. ඔහට පිළිවිසීම නිසා වැටහෙයි මේ පරිපෘච්ඡාප්රතිභාන ඇත්තේ යි.
අධිගම ප්රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමකු විසින් සතර සීවටන් සතර සම්යක්ප්රධානය සතර සෘද්ධිපාදය පඤ්චේන්ද්රියය පඤ්චබලය සප්තබෝධ්යඞ්ගය ආර්ය්යඅෂ්ටාඞ්ගික මාර්ගය සතර ආර්ය්යමාර්ගය සතර ශ්රාමණ්යඵලය සිව් පිළිසිඹියා, ෂඩභිඥා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්ත්ථ (හේතුඵල) ය දන්නා ලද යැ ධර්මය (හේතුව) දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්ත්ථය දත් කලැ අර්ත්ථය වටහයි ධර්මය දත් කලැ ධර්මය වටහයි- නිරුක්තිය දත් කලැ නිරුක්තිය වටහයි. මෙතුන් කරුණෙහි ඥානය ‘ප්රතිභාන ප්රතිසංවිත්’ නම් වෙයි. ඒ පසේබුදුහු මේ ප්රතිභාන ප්රතිසංවිඥානයෙන් උපෙතයහ සමුපෙතයහ එළඹසිටියහ. සංයුක්තයහ නො වෙනස් වූහ පරිපූර්ණයහ සමන්ව ගතයහ. එයින් පසේ බුදුහු ප්රතිභානවත්හ. යමක්හට පර්ය්යාප්ති නැද්ද, පරිපෘච්ඡා නැද්ද, අධිගම නැද්ද, ඔහුට කුමක් වැටහෙන්නේ ද නුයි ‘මිත්තං උළාරං පටිභානවන්තං’ යනු වේ.
අඤ්ඤාය අත්ථාති විනෙය්ය කඞ්ඛං යනු: ආත්මාර්ත්ථය දැන පරාර්ත්ථය දැන උභයාර්ත්ථය දැන දෘෂ්ටධාර්මිකාර්ත්ථය දැන සාම්පරායිකාර්ත්ථය දැන පරමාර්ත්ථාර්ථය දැන වෙසෙසින් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්රකට කොට සැකය දුරලන්නේ යැ වෙසෙසින් දුරලන්නේ යැ. හරනේ යැ හැරපියන්නේ යැ විගතානන කරන්නේ යැ අනු අභාවයට පමුණුවන්නේ නුයි ‘අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“බහුස්සුතං ධම්මධරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි.
5.
ලෝකයෙහි (කායික වාචසික) ක්රීඩාව ද (පඤ්චකාමගුණයෙහි) රතිය ද වස්තුකාමසුඛය ද නො ගැණැ අපේක්ෂා නො කරනුයේ විභූෂණ කරුණින් වෙන් වූයේ සත්යය කියනසුලු වූයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකෝ- ‘ඛිඩ්ඩා’ යනු: කායික ක්රීඩා ද වාචසික ක්රීඩා දැ යි ක්රීඩා දෙකෙකි ... මේ කායික ක්රීඩා යැ... මේ වාචසික ක්රීඩා යි. රති යනු: තෙල ‘රති’ යනු අනුත්කණ්ඨාවට නමෙකි. කාමසුඛං යනු: මේ වදාරන ලද මැ යි භාග්යවතුන් විසින් “මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙකැ යත්: ඇසින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ යැ. කනින් දතයුතු වූ ....නැහැයෙන් දතයුතු වූ දිවින් දතයුතු වූ කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්රෂ්ටව්යයෝ යි. මහණෙනි මොහු පඤ්චකාම ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මෙ කාමසුඛ යයි කියනු ලැබේ. ලෝකේ යනු: මනුෂ්යලෝකයෙහි නුයි ‘ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකේ’ යනු වේ.
අනලංකාරිත්වා අනපෙක්ඛමානො යනු: ලෝකයෙහි කායික වාචසික ක්රීඩාව ද පඤ්චකාමගුණයෙහි රතිය ද වස්තුකාමසුඛය ද නො ගුණැ අපේක්ෂා රහිත වැ හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘අනලංකරිත්වා අනපේක්ඛමානො’ යනු වේ.