8.
සිහිලස ද උණුසුම ද සාපවස් ද වා - අවු- වැසි - මදුරුවන් හා සපුන්ද යන තෙල සියල්ල මැඩ ගෙන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, - ‘සීතං’ යනු: දෙ කරුණෙකින් ශීත වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ ශීත වෙයි: පිටත ඍතු වශයෙන් හෝ ශීත වේ. උණ්හං යනු: දෙ කරුණෙකින් උෂ්ණ වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ උෂ්ණ වෙයි, පිටත ඍතු වශයෙන් හෝ උෂ්ණ වේ. බුදා යි සාය කියනු ලැබෙයි. පිපාසා යි පැන් බොනු කැමැත්ත කියනු ලැබේ නුයි “සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, -’ යනු වේ.
වාතාතපෙ ඩංසසරීසපෙ ච - ‘වාතා’ යනු: පෙරදිග වාතයෝ යැ පැළදිග වාතයෝ යැ උතුරුදිග වාතයෝ යැ දකුණුදිග වාතයෝ යැ රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ ශීතවාතයෝ යැ උෂ්ණ වාතයෝ යැ මඳපවන් යැ අධිකවාතයෝ යැ කාලවාතයෝ යැ වේරම්බ වාතයෝ යැ පියාපත් පවන යැ ගුරුළුපවන යැ තල්පත්වන යැ (වල්විදුනා ආදියෙන් සලන) විධූපන වාතයෝ යි. ‘ආතප’ යි සූර්යසන්තාපය කියනු ලැබෙයි. ‘ඩංස’ යි ඇට මැස්සෝ කියනු ලැබෙති. ‘සිරිසංපා’ යි සර්‍පයෝ කියනු ලැබෙත් නුයි ‘වාතාතපෙ ඩංසසරීසපෙ ච’ යනු වේ.
සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති යනු: අභිභවනය කොට වතුරුවා හාත්පසින් මැඩගෙන නුයි ‘සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“සීතඤ්‌ච උණ්‌හඤ්‌ච -පෙ- එකොචරෙ ඛග්ගවිසාණකප්පො” යි
9.
ඇත්මුළ හැරපියා අරනෙහි සිත්සේ වෙසෙන මොනොවට වැඩුණු කඳ ඇති පද්මකුල සම්භව වූ (වීර්‍ය්‍යයබල ජව ආදියෙන් මහත් වූ ඇත්රජක්හු සෙයින් හටගත් අශෛක්‍ෂ ශීලස්කන්‍ධාදිය ඇති යම් පද්ම සදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීලසමාධි ප්‍රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
නාගොව යූථානි විවජ්‌ජයිත්‌වා, - නාග යි හස්තිනාග කියනු ලැබෙයි. පසේ බුදුහු ද නාග නම් වෙති. කවර කරුණෙකින් පසේ බුදුහුද ‘නාග’ නම් වෙතී යත්: පව් නො කෙරෙතී ‘නාග’ යැ, අගතියට නො යෙත් ‘නාගයැ, (පුහුන් කෙලෙසුන් කරා) නො එතී ‘නාග’ යැ කිසෙයින් ඒ පසේබුදු ‘පව් නො කෙරෙතී නාග නම් වෙතී යත්: අගුයි පීඩාකරවූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක උපදවන මත්තෙහි ජාති ජරාමරණයට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ කියනු ලැබෙත්.
1. “(බුදුහු සඟිය අමතා මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්‍ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්‍ධාදි සියලු තැන්හි කිසි සගයෙකිත් නො ඇලෙයි, විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.
මෙසෙයින් ඒ පසේ බුදුහු ‘පව් නො කෙරෙතී’ නාග නම් වෙති.
කිසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී’ නාග නම් වෙති යත්: ඒ පසේ බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයින් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මාන වශයෙන්- දෘෂ්ටි වශයෙන්- ඖද්ධත්‍ය වශයෙන්- විචිකිත්සා වශයෙන්- අනුශය වශයෙන් නො යෙති, වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යැවෙති, නො පමුණුවනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී ‘නාග’ නම් වෙත්.
කිසෙයින් ඒ පසේ බුදුහු ‘නො එතී’ නාග නම් වෙතී යත්: සෝවාන් මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින්... අනගැමි මඟින් ... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එත් මෙසෙයින් ඒ පසේබුදුහු ‘නො එතී’ නාග නම් වෙති.