දෙ වැනි වර්ගය
1.
ඉදින් නිපුණ වූ සාධු (අර්පණ-උපචාර) විහරණ ඇති ප්රාඥ වූ සමග හැසිරෙන සහායකයකු ලබන්නේ නම් හැම උවදුරු මැඩලා එයින් තුටු වැ සිහි ඇතිව හැසිරෙන් නේ යි.
සචෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු ලැබේ නම් ප්රතිලාභ කෙරේ නම් අධිගම කෙරේ නම් විඳී නම් නුයි ‘සචෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චරං’ යනු: එක් වැ හැසිරෙන. සාධුවිහාරිං යනු: ප්රථමධ්යානයෙනුදු සාධුවිහාර ඇති ද්විතීය ධ්යානයෙනුදු -තෘතීය ධ්යානයෙනුදු- චතුර්ත්ථධ්යානයෙනුදු සාධුවිහාර ඇති මෛත්රීචිත්ත විමුක්තියෙනුදු සාධු විහාර ඇති කරුණායෙනුදු - මෘදුතයායෙනුදු - උපෙක්ෂා චිත්තවිමුක්තියෙනුදු සාධුවිහාර ඇති, ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති නිරෝධසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති ඵලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: පණ්ඩිත වූ ප්රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
අභිභුය්ය සබ්බානි පරිස්සයානි- ‘පරිස්සය’ යනු: ප්රකට උපද්රව යැ ප්රතිච්ඡන්න උපද්රව යැයි උපද්රව දෙකෙකි.....මොහු ප්රකට උපද්රව යෝයි කියනු ලැබෙති. මොහු ප්රතිච්ඡන්න උපද්රවයෝ යි කියනු ලැබෙත්..... මෙසේත් තත්රාසය නුයි පරිස්සය නම් වෙත්.....අභිභුය්ය සබ්බානි පරිස්සයානි යනු: හැම උවදුරු මැඩගෙන අභිභවන කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට නුයි ‘අභිභුය්ය සබ්බානි පරිස්සයානි’ යනු වේ.
චරෙය්ය තෙනත්තමනෝ සතීමා යනු: ඒ පසේබුදුහු ඒ පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්රඥා ඇති බුද්ධිමත් වූ නුවණැති විමසන නුවණැති තුලිතඥාන ඇති සහායයකු සමග සියමන් ඇති වැ තුටුසිත් ඇති වැ හටුසිත් ඇති වැ පහටුසිත් ඇති වැ උදග්රසිත් ඇති වැ මුදිතසිත් ඇති වැ හැසිරෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ ඉරියවු රක්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ නුයි ‘චරෙය්ය තෙනත්තමනො’ යනු වේ. සතීමා යනු: ඒ පසේබුදුහු ස්මෘතිමත් වෙති පරම වූ ස්මෘති නිපකභාවයෙන් සමන්වාගත වූවාහු චිරකෘත (කළ බොහෝ කල් ඉක්මුණු දැය) ද චිරහාෂිත ද සිහි කරන්නාහු පුනපුනා සිහි කරන්නාහු වෙත් නුයි ‘චරෙය්ය තෙනත්තමනෝ සතීමා’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“සචෙ ලභෙථ නිපකං සහායෙ -පෙ- චරෙය්ය තෙනත්තමනො සතීමා” යි.
2.
ඉදින් පියවින් නිපුණ වූ සාධුවිහාර ඇති ප්රාඥ වූ සමග හැසිරෙන සහායකයකු නො ලැබේ නම් දිනූ රට හැරපියා එකලාව යන රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
නො චෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසුම් නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු නො ලැබේ නම් ප්රතිලාභ නො කෙරේ නම් අධිගම නො කෙරේ නම් නො විඳී නම් නුයි ‘නො චෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චර’ යනු: එක් වැ හැසිරෙන සාධුවිහාරිං යනු: ප්රථමධ්යානයෙනුදු සාධුවිහාර ඇති ... නිරෝධසමාපත්ති යෙනුදු සාධුවිහාර ඇති, එලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: ප්රාඥ වූ පණ්ඩිත වූ ප්රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසනනුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
රාජාව රට්ඨං විජිතං පහාය යනු: යම්සේ මුදුනෙහි බිසෙව්ලත් දිනන ලද සඞ්ග්රාම ඇති නසනලද පසමිතුරන් ඇති මුදුන්පත් අදහස් ඇති පිරිපුන් කොටු කොටුගුළු ඇති ක්ෂත්රිය රජ කෙනෙක් රට ද දනවු ද කොටුදු බොහෝ වූ කළ නොකළ රන් ඇති කොටුගුළුදු නුවර ද හැරපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්ය්ය පැවිද්දට පැමිණ පළිබෝධ රහිත (කිසිත් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙත් ද වෙසෙත් ද ඉරියවු පවත්වත් ද පවතිත් ද රැකෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද එසෙයින් පසේ බුදුහු ද හැම ගිහිගේ පළිබෝධය සිඳපියා අඹුදරු පළිබෝධය සිඳපියා ඥාති පළිබෝධය සිඳපියා සගයහළු පළිබෝධය සිඳපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්ය්යශාසනයට පැමිණ අකිඤ්චනභාවයට පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි. ‘රාජා’ ව රට්ඨං විජිතං පහාය ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“නො චෙ ලභෙථ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.